දෙමළ තරුණයින් නැවත අවි අතට ගතහොත් වන දේ විග්නේෂ්වරන් කියයි..

November 30, 2017 at 8:40 am | lanka C news
දෙමළ තරුණයින් නැවත අවි අතට ගතහොත් වන දේ විග්නේෂ්වරන් කියයි..

දකුණේ ඇතම් බලවේග හා දේශපාලනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද දෙමළ තරුණයින් එම අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් යළිත් වරක් අවි ආයුධ අතට ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තක නැඟීමේ ක්‍රියාවකට වඩා වෙනසක් නැති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසුවේය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) යාපනය නල්ලූර් කෝවිල් මාර්ගයේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ නිල නිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,

‘පොදු අරමුණු ඉටු නොවන අවස්ථාවලදී  ඒ වෙණුවෙන් කෙටි කලක් බලා සිට පසුව එම අරමුණු සපල කරගැනීම සඳහා අවි අතට ගැනීම ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි කරුණක් වුවත් උතුරේ හෝ දකුණේ ආයුධවලින් සන්නද්ධවූවන්ට ලබාගත හැකිවූ කිසිඳු ජයග්‍රගණයක් නොවූ බවද විසඳුම් වෙනුවෙන් දමිළ තරුණයින් ආයුධ අතට ගන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමක් වැනි නිශ්ඵල ක්‍රියාවක්යැයි ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

එමෙන්ම රජය ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට දෙන බවට වූ පොරොන්දුව ඉටුනොවන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නොමැති නිසා රජයේ එම ස්ථාවරය වෙනස් නොවීමට ඉඩ නොතබා දෙමළ ප්‍රජාව හා දේශපාලනඥයින් අරගල කළ යුතුව ඇති බවටද කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views
Main News