දෙමළ සංධානයත් හා ජවිපෙ අපිත් සමානයි.. ඒ අවබෝධයෙන් විපක්ෂ නායක කමත් විපක්ෂ ප්රධාන සංවිධායක කමත් බෙදා ගත්තා..- අනුර
May 24, 2017 at 10:00 am | lanka C news
වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම දෙමළ ජාතික සංධානයේ නායක විසින් ලබාගෙන විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය ජනතා විමුක්ති පෙරමුණට ලබාගත්තේ දෙගොල්ලන් අතර වූ සාකච්ඡාව අවබෝධය නිසා බැව් හිරු රූපවාහිනියේ “සලකුණ” වැඩසටහනට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
එහිදි වැඩසටහන මෙහෙයවන සුදේව, රංගන මෙන්ම විමල් විසින් දිගින් දිගටම අනුර කුමාර දිසානායකගෙන් ප්රශ්න කලේ දෙමළ ජාතික සංධානයත් ජනතා විමුක්ති පෙරමුණත් යන පක්ෂ දෙක මෙසේ එකට වැඩකිරීම කොතෙක් දුරට පෑහේනවද එමෙන්ම එය ශ්රිලංකා පාර්ලිමේන්තුව සාධාරණ ජනතා නියෝජනයක් සිදු වෙනවාද යන්නයි.
එහිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ අපි පක්ෂ දෙක අතරේ සුලු සුලු වෙනස්කම් තිබුනත් විශාල වශයෙන් සමානකම් ඇති බවයි.