දෙමළ සන්ධානයට විරුද්දව යාපනයේ විරෝධතා පෙලපාලි..

January 26, 2021 at 6:48 pm | lanka C news
දෙමළ සන්ධානයට විරුද්දව යාපනයේ විරෝධතා පෙලපාලි..

යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව ඇතුලු සියලු දෙමළ ජනතාව දෙමළ ජාතක සන්ධානය විසින් රවටා ඇති බව පවසමින් විරෝධතා පෙලපාලියක් ඊයේ (25) දින යාපනයේදී සංවිධානය කොට තිබුණි.

යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතා පෙලපාලිය යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ මුණියප්පර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කොට යාපනය නල්ලූර් කෝවිල් ආසන්නයෙන් බස්නැවතුම්පල හරහා රෝහල් පාරෙන්  නැවත දොරඅප්පා ක්‍රීඩාංගනයට ගමන් කිරීමට විරෝධතා කරුවන් විසින් පියවර ගෙන තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ,

‘‘දෙමළ ජාතික සන්ධානය විසින් දෙමල ඩයස් ෆෝරාව ඇතුලු ජාත්‍යන්තරයන්ට අවශ්‍ය අයුරින් දෙමළ ජනතාව මුලා කරමින් කටයුතු කරන බවටත් යුද සමයේදී සැබෑවට උතුරු නැගෙනහිර සිදු වූ සත්‍ය සිදුවීම් යටපත් කරමින් දෙමළ ජනතාවට වෛරී සහගත සිතිවිලි ඇති කිරීමේ උත්සහයක නිරතවන බවටද පැවසූහ.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී සිදු කරන ලද යුද අපරාධ දෙමළ ජනතාවට සිදුකරන ලද පීඩාවන් සම්බන්ධයෙන් කිසිදු දෙමළ දේශපාලන නියෝජිතයෙකු විසින් අනාවරනය නොකරන අතරම සියල්ලක්ම ආරක්ෂක අංශ විසින් සිදුකලේ යැයි පවසා දෙමළ ජනතාව රැවටීමේ උත්සහයක දෙමළ ජාතික සන්ධානය විසින් සිදු කරන බවට විරෝධතා කරුවන් පැවසූහ.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් සැසියේද දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රීලංකා යුදහමුදාවට එරෙහිව සිදු කරනු ලබන චෝදනාවන් සියල්ලක්ම සාධාරණයක් නොවන බැවින් එය දෙමළ ජනතාවටම සිදු කරන හානියක් බවටද දෙමළ ජනතාවගේ සැබෑ ගැටලු ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,305 views

3 Comments to “දෙමළ සන්ධානයට විරුද්දව යාපනයේ විරෝධතා පෙලපාලි..”

  1. kamal says:

    අධ්‍යාපන ප්‍රතිපත්තිය
    මෙතනදි ප්‍රධාන කරුණු දෙකක් සලකනු ලැබේ.
    1 ප්‍රාථමික අධ්‍යාපනය
    2 කුසලතා හා කළමණාකරණ අධ්‍යාපනය
    1 ප්‍රාථමික අධ්‍යාපනය
    මෙතනදි ප්‍රධාන කරුණු අටක් සලකනු ලැබේ
    1. කපටිකම නැති කිරිම
    2. කෘරකම නැති කිරිම
    3. කුසලතාවය වැඩි දියුණු කිරිම හා චින්තනය
    4. පෞර්ෂර්ත්වය වැඩි දියුණු කිරිම
    5. කුට වැඩ නැතිකිරිම
    6. කෙළෙහිගුණය ඇති කිරිම මෙතනදි ජාතිය ආගම හා සියලු කළ්‍යාණ මිත්‍රයො වෙත සමහර විට දෙමව්පියෝ හා පාසල් ගුරුවරු
    7. අහිංසකකම ඇති කිරිම
    8. කෘරකම හා කපටිකම නැති කර දක්ෂ කම ඇති කිරිම
    අය ප්‍රදර්ශනය කරන්නෙ නැ ජනවාරි 31න් පස්සෙ මහමෙව්නාවේ කුණ්ඩසාල අසපුවෙන් හෝ හන්තාන ධර්මරතන පිරිවෙනෙන් ලබා ගත හැක

  2. Rama says:

    Mulu lankawema demala janyagen wiya yutte eyayi

  3. vis8 says:

    Niyamai! They have finally realized that they have been taken for a ride.

Main News