දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපකරන සොයා හමුදාවෙන් හාරයි..

August 22, 2019 at 8:02 am | lanka C news
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපකරන සොයා හමුදාවෙන් හාරයි..

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ ඉඩමක් (21) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතාගේ නියෝගයක් පරිදි ආරක්ෂක අංශ විසින් යුද උපරකණ සොයා කැනීමක් සිදු කරනු ලැබීය.

කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව පස්කපන යන්ත්‍රයක් යොදාගනිමින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතා ඉදිරියේදී මෙම කැනීම සිදු කරනු ලැබීය.

පැයකට ආසන්න කාලයක් එහිදී පස් කපන යන්ත්‍රය මගින් පොළව හෑරීම සිදු කළද කිසිදු යුද උපකරණයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කොට සිටියේය.

අදාල ඉඩමේ කොටි ආයුධ වලාදමා ඇති බවට ආරක්ෂක අංශ බුද්ධි අංශ වෙතට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මෙම කැනීම සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාල කැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට අයත් ඉඩමක්යැයි මන්ත්‍රීවරයාගේ පක්ෂිකයින් පිරිසක් පවසන අතරම ප්‍රදේශවාසීන් පවසා සිටියේ අදාල ඉඩම එම මන්ත්‍රීවරයාගේ සොහොයුරෙකුට අයත් ඉඩමක් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,280 Viewers

2 Comments to “දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපකරන සොයා හමුදාවෙන් හාරයි..”

  1. MD says:

    Oya wage ayagen tamai godak prawesan wenna one.Gota enawata baya oka tamai.koti kotima tamai.ape ahinsaka damila sahodara sahodariyani api hamadama oba samagai.apen oyala wenkaranna oyawage desapaluwannta ida denna epa.

  2. අපේ අභිනව යුද හමුදාපති තුමාට වැඩ තියෙයි වගේ..සහරාන්ගෙ කට්ටිය විතරක් නෙවෙයි.. කොටිත් ආයෙ හිමින් හිමින් ඔලුව උස්සන්න පටන් අරං වගේ..වල්බූරු සංහිදියාවත් අරං රනිල්ටයි හිටංටයි ගෙදර යන්න කියල ගෝටටයි ශවේන්ද්‍රටයි රටේ ආරක්ෂාව බාර දුන්නොත් හොදයි.

Main News