දෙමාපියන් දරුවන් පාරට අරගෙන විරෝධතා.. උද්ඝෝෂණ සාර්ථකවෙයි…

October 16, 2018 at 8:02 am | lanka C news
දෙමාපියන් දරුවන් පාරට අරගෙන විරෝධතා.. උද්ඝෝෂණ සාර්ථකවෙයි…

ඊයේ (15) දඹුල්ල සිගිරිය පාර වහගෙන දඹුල්ල කිඹ්ස්ස කනිටු විදුහලේ දරුවන් පෙරටු කරගත් දෙමාපියෝ උද්ගොෂණයක නිරතවුණා ඒ නව පත්වීම් ලද ජයරත්න විදුහල්පති එපා….. හිටපු විදුහල්පති නිරොෂන් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

උදේ 8.15 පමණ දරුවන් සමග පාරට පැමිණි දෙමාපියන් නව විදුහල්පතිවරයා එපා යැයි සටන් පාට කියමින් සිගිරිය දඹුල්ල මාර්ගය අවහිර කරමින් උද්ගොෂණයක නිරතවුණා

අවසන විසදුම් දෙන්න ආ ගලේවෙල කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂ වරයා දරුවන්ගේ හා දේමාපියන්ගේ ඉල්ලිමට අවනතවි මධ්‍යම පාලත් අධ්‍යාපන ලේකම්ගේ පත්විම් ලිපිය අත් හිටුවා අතින් ලියනලද ලිපියකින් හිටපු විදුහල් පති වරයාට කිඹ්ස්ස පාසල භාර දිමට පියවර ගත්තේය.

මිට මාස 6කට පමණ පෙර මෙම විද්‍යාලයේ සිටි විදුහල්පති වරයා නගරයේ විදුහලක විදුහල්පති ලෙස පත්ව ගිය අතර එම විද්‍යාලයේ වැඩ ආවරණ කටයුතු නිරොෂන් ප්‍රනාන්දු නැමැති ‍විදුහල්පතිවරයාට බාරදි ඇත. එදින මේ වනතුරු නිරොෂන් විදුහල්පති වරයා යටතේ කිඹ්ස්ස පාසල පාලනය වු අතර වන විදු හල් පති වරයාද එහිම සේවය කල ශ්‍රේණිධාරි විදුහල්පති වරයෙකි.

පසුගිය දා මධ්‍යම පලාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් විදුහල් පති වරුන් නැවැත ස්ථාන ගත කිරිමේදි එම විද්‍යාලයේම සිටි විදුහල්පති ශ්‍රේණියෙන් ඉහල තණතුරක් දරණ ලද විදුහපතිවරයාවු ජයරත්න නැමැති ඉහල ශ්‍රේණිධාරි විදුහල්පතිවරයාට කිඹ්ස්ස පාසල බාරදි පලාත් අධ්‍යාපන කාර්යාලයෙන් වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කොට ඇති ඇති අතර කිඹ්ස්ස පාසලේ මෙකෙත් සිටි අඩු ශ්‍රේණිධාරි විදුහල්පති කණ්ඩලම තෙන්නකොන් විදුහලට මාරුකර යවා ඇත.

පාසලේම සිටි ඉහල ශ්‍රේණිධාරි විදුහල්පතිවරයට පාසලට පත්කිරිමට විරුද්ධව මෙම උද්ගෝෂණය දෙමාපියන් දරුවන්ද යොදාගෙන පැවැත්විය. පාසල් දරුවන්ගේ පොදු සිසු එකමුතුව නම් සංවිධානය හා දේමාපිය සංවිධාන වශයෙන් දැන්විම් පුවරුද යොදා ගනිමින් උද්ගොෂණය පැවැත්වුණා.

මෙම උද්ගොෂණ කරුවන් කියා සිටියේ පාසලේ හිටපු විදුහල්පති නිරොෂන් ප්‍රණාන්දු මහතා නැවැත ලබා දෙන ලෙසයි . පාසල ඉදිරිපිට සිටි පාසල් දරුවන් හා දෙමාපියන් පාසල ඉදිරි පිටින් සිගිරිය දඹුල්ල මාර්ගය කිඹිස්ස මංසන්දියෙන් මාර්ගය අවහිර කරමින් සිටියා එහිදි පාසල් දරුවන් පැදුරු දමා බිම දිගාවි උද්ගොෂණය කරන අයුරු දැකගත හැකිවිය.

මෙම ගැටලුව විසදිම සදහා ගලේවෙල අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්ෂ ඒ.කේ.ඩි. උපාලි හේරත් මහත්මා ඇතුළු කන්ඩායමක් පැමිණ උද්ගොෂණ කරුවන් සමග සාකච්ඡා කලද විසදුමක් නෙවුන නිසාවෙන් නව විදුහල්පති වරයා වු ජයරත්න මහතාගේ පත්විම අවලංගු කොට හිටපු විදුහල්පතිවරයාට කටයුතු කරගෙන යන ලෙසින් සංවර්ධන අධ්‍යක්ෂ වරයා මධ්‍යම පලාත් ලේකම් වරයා සමග සිදුකල දුරකථන සංවාදයෙන් පසු එම නිකුත් කරණ බවද බදාදින උදේ නවයට මධ්‍යම පලාත් ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්විමට යොජිතබවද සදහන් ලිපියක් නිකුත් කිරිමෙන් අණතුරුව උද්ගොෂණ කරුවන් විසිර ගියේය.

මෙම සාකච්ඡාවන්ට දඹුල්ල ප්‍රාදේශිය සභවේ සිගිරිය එජාප මංත්‍රි වරයෙකු වන ප්‍රියරන්ජන කුමාර මහතා හා ජනතා විමුක්ති පෙරමුණු දිගම්පතහා මංත්‍රි තිලකරත්න මහත්වරු ඇතුළු පිරිසක් සම්බන්ධ විමෙන් පැය 5කට ආසන්න කාලයක් අවහිර කර තිබු සිගිරිය මාර්ගය ගමනා ගමනයට විවෘත කිරිමට අවස්ථාව ලබා දෙන ලදි.

මෙම උද්ගෝෂණය නිසාවෙන් අද දවසේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු නොවන අතර මර්ග අවහිරතාවය නිසාවෙන් දෙස් විදෙස් සංචාරකියන් මෙන්ම ගම්මුද දැඩි අපහසුතාවයට පත්ව සිටි අයුරු දැකගත හැකිවිය..

– මහින්ද උදයසිරි රත්නායක

129 views