දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනය සරසවි සුසුන් විරෝධතා.. උසිගැන්වූ දෙමල සන්ධානයත් එක්වේ..

March 17, 2019 at 6:48 pm | lanka C news
දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනය සරසවි සුසුන් විරෝධතා.. උසිගැන්වූ දෙමල සන්ධානයත් එක්වේ..

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාද වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් යාපනයේ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

විරෝධතා පා ගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර පා ගමන යාපනය සරසවියෙන් ආරම්භ වී යාපනය නගරසභා වටරවුම දක්වා විරෝධතා පාඨයන් හා යුද අපරාධ හුවා දැක්වෙන ස්මර්කයන් සමගින් සරසවි සිසුන් විශාල පිරිසක් මෙන්ම දෙමළ දේශපාලක පක්ෂ නායකයින් ඇතුලු නියෝජිතයින්,අතුරුදහන් වූවන්ගේ ඥාතීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ද එක්ව 3000 කට අධික පිරිසක් පා ගමනට සහභාගී වෙමින් ගමන් කරනු ලැබීය.

විරෝධතා පා ගමන අවසානයේදී රැස්ව සිටි පිරිස් යාපනය විශ්ව විද්‍යාල සිසුන් දේශනයක් සංවිධානය කොට තිබුනද කිසිදු දේශපාලන නියෝජිතයෙකුට රැස්ව සිටි පිරිස් ඇමතීමට අවස්ථාවක් නොදීමද මෙහිදී විශේෂ විය.

විරෝධතාවයට සහභාගී වූවන් අමතා යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් කියා සිටියේ,

‘ජාත්‍යන්තරය විසින් ශ්‍රීලංකා රජයට යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම අතුරුදහන් වූවන සම්බන්ධයෙන් දුන කාල සීමාවන් පමණටත් වඩා වැඩි හෙයින් තවත් කාලයක් ලබා දීම සාධාරණයක් නොවන හෙයින් හැකි ඉක්මනින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයින් නීතියට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවටත් එමගින් යුද්දයෙන් බැට කෑ ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවටත්ය.

විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා, ප්ලොට් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන්, ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,803 Viewers

6 Comments to “දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනය සරසවි සුසුන් විරෝධතා.. උසිගැන්වූ දෙමල සන්ධානයත් එක්වේ..”

  1. Kadiya says:

    May be instructions of Ranil Wikramasinghe via TNA.

  2. Saradiel says:

    Send these Tamil racist terrorists back to their home land Tamil nadu ,,This is Sinhalese Motherland
    Tamil Terrorism has become a festering wound in our Motherland It is an enemy of humanity

  3. නිළමේ says:

    දෙන්නම් ටිකක් ඉවසපල්ලා ගෝඨාභය මහත්තයා එනකං!

  4. Nariii says:

    Where are the riot police??? Sri Lanka and the politicians should be shamed of them selves..

  5. Dayani says:

    Get back to your roots, without provocating others.!!! Those missing Tamils and the LTTE terrorists the selfish lot, are living in exile with pseudo names, with billions of money, that they don’t want to part with or help their own Tamil Sisters and Brothers in Sri Lanka.
    If you Tamil people are not happy, and are not satisfied, return to the State of Tamil Nadu, where you belong to, as your bogus propaganda is a really laughable matter, as Tamils are treated equally as any citizen in this country.!!
    STOP THE BOGUS AGGRESSION AND BE GRATEFUL.!!!

Main News