දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි.. තවත් රෝහල් සකසයි..
October 22, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල වල වෙන් කරන ලද ඇඳන් 2433 මේ වන විට පිරී ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක ඇඳන් 2587 කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති බවයි.
මෙම තත්ත්වය මත තවත් රෝහල් කිහිපයක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් සූදානම් කරන බවද ඔහු කියා සිටියේය.
ඉදිරි දිනවල ආසාදිතයන් වාර්තා වන ආකාරය අනුව ඔවුන් යොමු කිරීමට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සූදානම් කරන බවද ඔහු පැවසීය.