දෙවැනි කාර්තුවටත් වඩා තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ වෙනවා..

October 28, 2020 at 8:02 am | lanka C news
දෙවැනි කාර්තුවටත් වඩා තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ වෙනවා..

2020 වසරේ දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය පහල වැටුනාට වඩා වැඩි අගයකින් තෙවැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය පහළ වැටෙනු ඇතැයි මහ බැංකු ප‍්‍රකාශකයෙක් උපුටමින් ඉංග‍්‍රීසි මාධ්‍ය පුවත්පතක් වාර්තා කර ඇත.

කොරෝනා වෛරසය නිසා ආර්ථික වර්ධනය වේගය සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කළ ද තත්ත්වය එතරම් නරක අතට නොහැරෙනු ඇතැයිද මහ බැංකුවේ අදහස බව එහි සදහන්ය.

තෙවැනි කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇතැයිද පසුගිය සති කිහිපයේදී කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වීමක් දක්නට ලැබුණ ද මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වුණු ඇතැයි මහ බැංකුවේ අපේක්ෂාවයි.

කෙසේ නමුත් අවසන් සතියේදී වයිරස් රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගැනීම නිසා කෙටි කාලීන ආර්ථික වර්ධන අපේක්ෂා අඩාල විය හැකිද පෙන්වා දෙයි.

13,490 views

11 Comments to “දෙවැනි කාර්තුවටත් වඩා තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ වෙනවා..”

  1. දිලිත් says:

    කෝ මේ රට හදන අපේ විරුවා.. දැන් ඉතින් ඊලග අවුරුදු 4ම කියන්නෙ කොරෝනා හින්දා රට හදන්න බැරි උනා කියල තමා..

  2. බන්ඩා says:

    හැම තැනම වහල ක්‍රියාකාරකම් නැති උනහම ආර්ථිකය වැටෙනවා කියන්න විශේෂඥයෙක් වෙන්න ඕනැ නැහැ.

  3. මලියා says:

    දේශපාලන පත්වීම් වලින් ආපු උඹලට කට ඇරගෙන බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනාද කරන්න දන්නෙ

  4. කාන්තාර පළඟැටියා says:

    ” ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ” සභාපති තනතුරට වෙන සුදුසු පුද්ගලයෙක් පත්කරන්න. තව මේ රටේ එවන් තනතුරුවලට සුදුසු අය ඕනෑ තරම් ඉන්නවා

  5. පොළොන්නරුවේ හුටං says:

    උඩ පැනපු පැනිල්ලට මෙහෙම හොම්ඹෙන් ගිහින් මදි. පුළුවන් තරම් ණය අරන් සැප විඳලා අවුරුදු පහ ඉවරවෙනකොට බෑග් දෙකත් අරන් ලොක්කො රට පනියි. මේකේ ඉන්න හිඟන්නා ගේ ඉඳන් හැම එකාම ඊට පස්සේ ණය ගෙවන්න ඕන. කලින් පාරත් උනේ එකයි මේ පාර වෙන්නෙත් එකයි. මීට පසු ණය ගන්නේ නැහැ ආයෝජන පමණයි කියලා කවුද කිව්වා වගේ මතකයි.

  6. දේශප්‍රේමී says:

    Saubagye Dakma….

  7. Jimbikiris says:

    1948 indanma ape arthike Rina Nemei Rena wenawa ane ape rate eka artika osthar kenek na there a sinhalen oya Rina dana gana kiyanna in kiyanna ewa untawath there be na

  8. සානිකා says:

    කෝ මේ රට හදන අපේ විරුවා.. දැන් ඉතින් ඊලග අවුරුදු 4ම කියන්නෙ කොරෝනා හින්දා රට හදන්න බැරි උනා කියල තමා..

  9. නාරද says:

    මෙන්න අපේ සීයාගේ දර්ශනය, ඔහු කියන්නේ වවන්න පුළුවන් හැමතැනකම කල් තබගන්න පුළුවන් ආහාර බෝග වලට ප්‍රමුඛස්ථානය දෙමින් වගා කල යුතු බවයි. සල්ලි නැතත් කන්න ටික තියාගන්න අවශ්‍යයිලු. ඒ අතර ට හොඳ නැති බීජ බෙදා හරින හා ප්‍රමිතියෙන් තොර පොහොර වර්ග බෙදා හරින කුමණ්ත්‍රන තියනවා නම් පැරදවිය යුතුයි.

    • අජානීය ඉස්කූටර් says:

      මේ දවස්වල ඉති බිම කොටලා අපේ ඇට තමා හිටවන්න වෙන්නෙ…

Main News