දෙවැනි දවස තව දරුණුයි.. ඊයේ අගමැතිට බැනපු බැනිල්ලට ජනපතිට එජාපයෙන් කුණු බැණුම්..
December 17, 2018 at 2:10 pm | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් එල්ල වී තිබේ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර හා මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් එම ප්‍රකාශය විවේචනය කළේය.
“අපි එකතු කරගන්නවා නම් එකතු කර ගන්නේ හොඳ මිනිස්සු විතරයි. ඩබල් ගේම් කාරයෝ. චෝදනා තියෙන අය භාර ගන්නේ නෑ. කණ්ඩායම් රැස්වීමේ අනුමැතියට යටත්ව තමයි එක් කර ගන්නේ.
අපිට බහුතරය තිබෙනවා. අපිට ආණ්ඩුවක් කරන්න පුළුවන්. ඉදිරි අවුරුදු එක හමාර ආණ්ඩුවක් කරන එක ප්‍රශ්ණයක් නෙමෙයි. අපි ජනතාවගේ සුබ සාධනය ගැනත් අවධානය යොමුකරනවා.
ජනපතිගේ ප්‍රකාශය ගැන කථා නොකරත් බෑ. ගම්මල මංගල උත්සව වල දෙපැත්තේ කට්ටිය කැඳවලා කථා කරනවා. මම දැක්කේ මනමාලියි මන මාලයයි මංගල සභාවට ගෙනල්ලා මනමාලයාගේ පැත්තෙන් කථා කරන මහත්තයා මනමාලයා විවේචනය කළා වගේ වැඩක් කියලයි මම හිතන්නේ.
නොගැලැපෙන වැඩක් තමයි කළේ කියලා මම හිතන්නේ. විවේචනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි. විවේචනය කළත් එය මේ විදිහට නොකළ යුතුයි කියන එකයි අදහස.
අගමැතිතුමා ජනාධිපතිතුමා ගැන වෛරයෙන් කථා කරන්නේ නෑ. අගමැතිතුමා නිශ්ශබ්දතාවයෙන් එතුමාගේ මහත්මා ගතිය පෙන්නුවා.”
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහීම්ද සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කථාව අඳෝනාවක් බවයි. ඒ අනුව ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට දැන් තවත් පොතක් ලිවිය හැකි බවත් පැවැසීය.
– ada.lk
The best speech the President ever made. He gave Ponil & Co tight. This speech should be printed and distributed in every nook and corner of Sri Lanka.
The place, time or the occasion is not the issue but what he said.
Ranil Wickremesinghe,as usual in his incorrigible manner and with a smug face weathered it.
Even those criticizing sirisena had no answers to his accusations.
මහා බැංකු හොරාට සහය දෙන්නේ කම්බා හොරු
“අගමැතිතුමා ජනාධිපතිතුමා ගැන වෛරයෙන් කථා කරන්නේ නෑ. අගමැතිතුමා නිශ්ශබ්දතාවයෙන් එතුමාගේ මහත්මා ගතිය පෙන්නුවා.” –
ඇත්ත තමයි. ඌ කරන්නෙ උපාසකය වගේ ඉඳගෙන මිනී මරල බලය ගන්න කුමන්ත්‍රණය කරන එකනේ.
” අගමැතිතුමා ජනාධිපතිතුමා ගැන වෛරයෙන් කථා කරන්නේ නෑ. අගමැතිතුමා නිශ්ශබ්දතාවයෙන් එතුමාගේ මහත්මා ගතිය පෙන්නුවා. ” –
ඇත්ත තමයි. ඌ කරන්නෙ උපාසකය වගේ ඉඳගෙන මිනී මරල බලය ගන්න කුමන්ත්‍රණය කරන එකනේ.