දෙවැනි ප‍්‍රහාරයක් සූදානම්.. සියළු බලධාරීන්ට ලිඛිතව දැනුවත් කරයි…

April 29, 2019 at 2:10 pm | lanka C news
දෙවැනි ප‍්‍රහාරයක් සූදානම්.. සියළු බලධාරීන්ට ලිඛිතව දැනුවත් කරයි…

පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.

”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත.

”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ.

රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ.

”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිති.

ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.

– lankadeepa

94 views

6 Comments to “දෙවැනි ප‍්‍රහාරයක් සූදානම්.. සියළු බලධාරීන්ට ලිඛිතව දැනුවත් කරයි…”

  1. ලෙස්ලි says:

    දැන් මේ අත් අඩංගුවට පත්වූ හැම එකාවම බාරදීලා තියෙන්නේ පොලිසියට නේද ?මුන්ව මුස්ලිම් අන්තවාදී දේශපාලකයෝ විසින් බොහොම ඉක්මනට නිදහස් කරවා දීලා නැවත සාර්ථක ප්‍රහාරයකට අවස්ථාව හදලා දෙනු ඇත .ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත නැතිනිසා මුන්ව රදවාගෙන ප්‍රශ්න කරන්න බෑ

    • නුරන් says:

      4/21 ත්‍රස්තවාදය නවීන තාක්ෂණයෙන් සුපිරිය…වහාම බටහිරට රට විකුණා නවීන තාක්ෂණය හමුදාවලටත් ලබා දෙන්න…

  2. john the baptice says:

    රාජිත මුන්ට කඩේ ගිය බව දැන් අමතක වෙලා

  3. Buddhist says:

    If such a thing is going to happen to Sinhala Buddhist,each an every single Muslim is the county will have to face the music.

    • Harry says:

      You’re trying to insult the entire Buddist community under the guise of a false name, Buddhist.

      Man, don’t go to that low level. You will lose your family members at the next terrorist attack, guaranteed!

      • Buddhist says:

        “next terrorist attack”😀
        Do you think that there will be a next terrorist attacks.
        Hey ! Harry I just mentioned the general perception of the majority of Sinhalese,cause it is now reviling that all the Muslim is the country are in a terrorist mindset.
        Dunno whether you are a Sinhalese or not. But if yes,if you allow those ideologist to breed on this soil, wouldn’t you loose your family members?

Main News