දෙවැනි බිරිඳ සමග සිටින විටදී පළමු බිරිඳ පැමිණ පිහියෙන් අනී…

July 16, 2019 at 8:02 am | lanka C news
දෙවැනි බිරිඳ සමග සිටින විටදී පළමු බිරිඳ පැමිණ පිහියෙන් අනී…

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් උලුපිටිය ප්‍රදේ්ශයේ නිවසකට ජනේලයකින් ඇතුළු වු කාන්තාවක් එම නිවස තුළ නිදා සිටි පුද්ගලයකුට ⁣පිහියෙන් ඇණ එම පුද්ගලයාගේ බිරිඳගේ අත්බැගය අලුයම සොරකමි කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

පිහි ඇණුමෙන් තුවාල ලැබු බලන්ගොඩ උලුපිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් තුන් හැවිරිදි පුස්ගලයා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහරෝහල වෙත මාරැකර යවා ඇති බවද පොලිසිය පවසයි.

පිහි ඇණුමෙන් තුවාල ලැබු පුද්ගලයා පළමු විවාහයෙන් වෙන් වි ඇති අතර දෙවැනි විවාහක බිරිඳ සමග මෙලෙස අලුයම නිවසේ අැඳ උඩ නිදාගෙන සිටින අවස්ථාවෙිදි එම පුද්ගලයාගේ පළමු බිරිඳ පැමිණි නිවසේ ජනේලයේ ඉටිරෙදි ඉරා නිවසට ඇතුළු වි එම පුද්ගලයාට පිහියෙන් ඇණ අැත.

ඉන් අනතුරැව ඇඳ උඩු තිබුණ අත්බැගය සොකමි කර ගෙන ගොස් තිබෙන අතර එහි රැපියල් නවදහසක් වටිනා රත්‍රං භාණ්ඩ සහ රැපියල් පන්සියයක මුදල් තිබුණි බවට පොලිසිය වෙත පැමිණි කර තිබෙි.

– සම්පත් ප්‍රියනන්දන

149 views
Main News