දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..

October 22, 2020 at 10:00 am | lanka C news
දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..

අද වන විට රට තුළ ඇතිවී තිබෙන කොරෝනා රැල්ල පැතිර ගොස් තිබෙන්නේ මංගල සාද දෙකක් මුල්කරගෙන බව තහවුරු වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රට පුරා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ හේතුවෙන් මහජනතාව ගැවසෙන උත්සව සාද සංවිධානය නොකිරීමටත් ඒවාට සහභාගී නොවී සිටීමටත් සියලු දෙනාම වගකීමක් සේ සැලකිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඉදිරි කාලය ඉතාමත් තීරණාත්මක බැවින් මහජනතාව නිතර ගැවසෙන ස්ථාන මගහැර වගකීමෙන් කටයුතු කරන්නැයිද ඔහු පැවසීය.

නිරෝධනයට යොමු කරන ඇතමුන් තම වගකීම නොතකමින් කටයුතු කරන්නේ නම් එය මේ තත්ත්වය පාලනය කිරීමට බාධාවක් වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

178,212 views

17 Comments to “දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..”

  1. ක්‍රිමිනල් says:

    අයියෝ සර් ! අපිට සෑර්ලා යුද්ධ කරපු හැටි හිතාගන්න පුලුවන්.

  2. sira says:

    මහදන මුතා එළුවාගේ බෙල්ල කපන්න කීඋවා වගේ නේද

  3. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    මෙයා ජාතික රුපවාහිනීයේ යුද්ධ කරපු කෙනෙක්. සමන් කුමාර රාමවික්රම සමග.

  4. Banda says:

    Meyage baila ahala dannam epavala

Main News