දෙසතියකට පසු විමල් අද අධිකරණයට..

January 24, 2017 at 8:02 am | lanka C news
දෙසතියකට පසු විමල් අද අධිකරණයට..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය රජය සමයේ ඇමති ධුරයක් දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතයකට අනුබල දුන්නේ යයි එල්ල වී තිබූ චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය 10 වැනිදායි.

21 views

One Comment to “දෙසතියකට පසු විමල් අද අධිකරණයට..”

  1. Karu Jayasuriya says:

    බොරු නඩුවලින් ඔබතුමාගෙ ගමන නවත්වන්න බෑරිබව විස්වසයි.

Main News