දෙසැම්බරයට කලින් රාජපක්‍ෂලා හිරේ..? නැතොත් රනිල් නීතිය හමුවට..??..

July 15, 2017 at 12:16 am | lanka C news
දෙසැම්බරයට කලින් රාජපක්‍ෂලා හිරේ..? නැතොත් රනිල් නීතිය හමුවට..??..

පසුගිය දා ශ්‍රිලනිප පාර්ලිමේන්තුවේ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කලහ. එහිදි වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධව නොයෙකුත් කරුණු ඉදිරිපත් වූ අතර ප්‍රධාන මාතෘකාව වූයේ සම්මුති ආණ්ඩුවට වසර දෙක ලබන සැප්තැම්බර් මස 2වෙනිදා අවසන් වීම සමඟ ඉන් ඉවත්වීමට තීරණය කල පිරිස සන්සුන් කොට එම කාලය තවත් මාස 3 ක් දීර්ඝ කර ගැනීමයි.

ඒ අනුව සියලු කරුණු ඉතා සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා තම කණ්ඩායමන් ඉල්ලා සිටියේ මේ සිටිය ආකාරයෙන් එන දෙසැම්බර් මාසය දක්වා සිටින ලෙසයි. ඉන් අදහස් වූයේ දෙසැම්බර් මාසය වනවිට ජනාධිපතිවරයා වර්තමාන ආණ්ඩුව සම්බන්ධව වැදගත් තීරණයක් ගැනීමට බව ඒත්තු ගැන්වීමට උත්සහ ගත්තත් ප්‍රායෝගිකව එය කිරීම ඉතා අපහසු බව එයට සහභාගි වූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු තම හිතවතුන් සමඟ පවසා ඇත.

ඔහුගේ අදහස වී ඇත්තේ දේශපාලන නායකත්වය මෙයින් බලාපොරොත්තු විය හැකි යයි සිතන ප්‍රධාන කාරණා දෙකම ජනතාව ප්‍රකෝප වන මෙන්ම රට තව දුරටත් දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමක් විය හැකිය යන්න ය.

මහා බැංකුවේ බැදුම්කර මගඩිය වෙනුවෙන් අගමැතිවරයා නීතිය හමුවට ගෙන ඒම හෝ අනවශ්‍ය ලෙස රාජපක්ෂවරු නැවත හිර ගත කිරීම ප්‍රධාන පක්ෂ දෙකේම ජනතාව මෙන්ම රටේ මධ්‍යස්ථ මතධාරීන් ආණ්ඩුව කෙරෙහි තව දුරටත් කල කිරීමක් පමණක් සිදු විය හැකි බවයි.

– FB

19 views
Main News