දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

October 18, 2021 at 3:00 pm | lanka C news
දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

මේ වසර අවසාන වන විට ‍ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එවිට රටට කිසිම භාන්ඩයක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ලෝකයේ නරකම රට ලෙස ශ්‍රී ලංකාව කඩා වැටී බංකොලොත් වී ඇත්තේ මෙම ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය හේතුවෙන් බවද ඔහු කියා සිටී.

ලෝකයේ කඩාගෙන වැටෙන රටවල් අතර ලංකාව පළමු වන තැනට පත්ව ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

31,773 views

30 Comments to “දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…”

  1. කමල් says:

    කෝ උඹේ මොංගල් පාණ්ඩේ පුත්‍රයා… ගොඩක් කාලෙකින් දැක්කේ නෑනේ…

  2. sajiputha says:

    මූටයි චම්පිකටයි දෙන්නටම දෙසැම්බර් වෙනකොට හිරේ යන්න වෙනබව දන්නා නිසා දැන් රටේ මිනිස්සු මුලා කරන්න බොරු බේගල් ඇදල දමනවා. කොහොමටත් ප්‍රජා අයිතිය නැති උනාට පස්සේ මුන් දෙන්නට බොරු කියකියා ඉන්න තමයි වෙන්නේ අවුරුදු 7 යනකම්.

    කාලකන්නි දේශපාලුවෝ. රටේ අවාසනාවට ඉපදුන.

  3. Kumudu says:

    පක්ෂ විනාශ කළ කුමන්ත්‍රණකාරයෝ. රට පාවා දීපු පාසල් විනාශ කළ දනන සූරිය කොහෙද,?

  4. Chan says:

    මෙයා කියන දේවල් අහන අය ඉන්නවද… කොරහෙත් කිඹුල්ලුමයි දකින්නෙ…

Main News