දෙසැම්බරයේ නිසැකවම රට වසා දමයි..?

November 19, 2021 at 10:02 pm | lanka C news
දෙසැම්බරයේ නිසැකවම රට වසා දමයි..?

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වෛරසය මර්දනයට පෙර, ප්‍රථමයෙන්ම වෛරසය පාලනයට පියවර ගැනීමට සැවොම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා.

මේ මොහොත වන විට රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන්, බොහෝ ජනතාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින්, විනෝද චාරිකාවල පවා නිරත වීම දැකිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් සති අන්තයේ එළැඹෙන දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින්, මහජනතාව හැසිරෙන්නේ නම්, යළිත් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට අවකාශය ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බැවින්, ඒකරාශී වී සාමුහික ක්‍රියාකාරකම් කිරීමේදී මෙන්ම, විශේෂයෙන්ම පූජනීය ස්ථාන, වැව්, අමුණු ආදී ස්නානය කරන ස්ථානවලදී පවා මැනවින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්නා ලෙසටයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව ද, මහජනතාව සංචරණයට අවසර හිමි වූ සිය රට තුළ කෙතරම් වගකීම්සහගතව හැසිරෙන්නේ ද යන කාරණාව මත ඉදිරියේදී එළැඹෙන නත්තල් සමය සහ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ද රට මේ අයුරින්ම විවෘත කිරීමට පවතින අවසරය ද තීන්දු වන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

අයහපත් මිනිස් හැසිරීම් මත සෞඛ්‍ය උපදෙස් කැඩෙන බව දිගින් දිගටම නිරීක්ෂණය වන්නේ නම්, දිගු කාලයක් පුරා වසා දමා තිබූ මෙරට පාසල් පද්ධතිය ද යළි වසා දැමීමට සිදු වන බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා විසින් තරයේ අවධාරණය කරනු ලැබුවේ.

එමෙන්ම අද වන විට පී.සී.ආර් මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පළමු පෙළ ආශ්‍රිත සියල්ලටම සිදු නොකරන අතර, මෙරට බොහෝ ආයතනවල ද අහඹු පරීක්ෂණ සිදු නොකරන බවයි.

යළි එම පරීක්ෂණ ක්‍රියාවලිය ඇරඹුණහොත් අනිවාර්යයෙන්ම දෛනික ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවා යාම සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ආසාදිතයින් වැඩි වන්නේ ඇඳිරිනීතියෙන් පසුව සෞඛ්‍ය උපදෙස් රැකීම යන කාරණාව මත වන අතර, දෙසැම්බර් මැද වනවිට ආසාදිත සංඛ්‍යාව තවදුරටත් තීව්‍ර වන්නේ නම් නිසැකවම රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

– aruna

198,472 views

10 Comments to “දෙසැම්බරයේ නිසැකවම රට වසා දමයි..?”

  1. ආසාදිතයින් says:

    ඉදිරියේ ඇතිවන තෙල් හිඟය, ආහාර හිඟය, ගැස් හිඟය සහ මහජන නැගිටීම් වලක්වා ගැනීමට ඇති හොඳම විසඳුම රට නැවත ලොක් ඩවුන් කිරීමයි. තවද පුතානෝ හෙවත් සජියගේ උද්ගෝෂණය නිසා කොරෝනා පොකුරක් ඇතිවුනා කියා එක ගලෙන් කුරුල්ලන දෙන්නෙකු මරා ගැනීමට ද අවස්තාව ඇත.

  2. පව් බං මිනිස්සු says:

    මේ කටු කන කුක්කන්ගේ පෙර නිමිති වලින් පේන්නේ දැන් රට පාලනය කරන මැද මූලන හොරු රංචුව ප්‍රමුඛ හොර නඩය ඉදිරියේදී නිසැකවම ඇතිවීමට නියමිත මහජන උද්ඝෝෂණ වලින් බේරීමට කෝවිඩ් උපයෝගී කරගන්නා අන්දමයි….ඵදා සුනාමි ආධාර ගසා කෑ බයියන්ගේ හොර අප්පච්චිගේ හොර මළණුවන් සහ පුතණුවන් මේ වන තුරු මෙරටට ලබා දුන් ඩොලර් කෝටි ගණනක කෝවිඩ් ආධාරද සොරාකා ඇතිබව ඇතැම් මෝඩ බයියන් නොදන්නවා ඇත…

    • Falls Positive says:

      බොරුවට Positive කරන්න පුලුවන් PCR කූරු සහ PCR මැෂින් කැලිබරේෂන් තියෙනවා කියලා එක්තරා විශේෂඥයෙක් ලෝක ප්‍රජාවට අනතූරු අගවලා තිබුනා.
      ව්‍යසනයක් ඇතිකර බලය ගත් අයට එම බලය රැකගන්නට වන්නේ ව්‍යසන හා අර්බුද වල පිහිටෙනි.

  3. Mahesh says:

    පාන්ඩුවට කෙල වෙන්න ලගයි. හැම පැත්තෙන්ම විරෝධය. හොර පවුලට කෙල වෙන එක පරක්කු කරන්න, නැවත රට පුරා රෝගීන් වැඩි වේවි, ඇදිරි නීතිය වැටෙවී, අපිට කෙල කරාවී……………………………………….

  4. saman says:

    සියලුම ආණ්ඩු වීරෝධී එකතු වීම් නැවැත්විය යුතුයි. නැත්නම් මේ වසන්ගතය පාලනය කර ගහ නොහැකියි.

    • Shan says:

      Hello mokada virodha rally witharada navathvanna one. Anduwe ayage deval walin covid bowenne nadda?
      Ara Anuradhapura thibba sanda hiru saya natakaya hondada?
      Rajapkasala saha baiyan nathi wunoth, covid honda wewi.

  5. Sam says:

    කවුරු කොහොම කිව්වත්.. මිනිස්සුන්ගෙ පරිස්සමක් නැති ක්‍රියාකාරකම් නිසා..අද වන විට අප රට තුල වයිරසය වැඩි වී තිබෙනවා.. පාලකයින් විසින් බලෙන් රෝගීන් ප්‍රමානය අඩුකලත් දවසකට ලෙඩේ හැදෙන ප්‍රමානයේ අඩුවක් නැ.. ඒක නිසා එක එක්කෙනාට අත් දික් නොකර මිනිසුන් හැටියට අපි පරිස්සම් වෙමු.. අපෙ මිනිසුන් සහ මවු බිම අපි රැකගමු…අපේ වගකීම හරි ආකාරව ඉශ්ට කරමු..

  6. Anuradha says:

    මෝඩ මිනිහෝ රට වසා දමන එක නෝවේ මෙයට ප්‍රතිකර්මය අනෙක් රටවලත් අපේ රටට සාපේක්ෂිතව ගතහොත් 80% විතර වැඩි රටවල් ඕනා තරම් තිබෙනවා නමුත් එවුන් රට වසා දාන්නේ නැහැ නැවත.මේ උබලාගේ මුදල් ඇමති කියන කෝවින් සමග ජිවත් වෙන්න පුරුදු වේලා සිටින්නේ ඒකනිසා බොරු බයිලා කියා මිණිසුන් නොමග යවන්න එපා.භය කියලා දෙයක් තිබෙනවානම් උද්ගෝෂණ වළට කියපල්ලා කෙළින්ම.පිරිමි විදියට නිකම් නපුංසකයින් නෝවී

  7. Ayotallah says:

    It looks like this PHI guy is Sri Lanka health authority WHAT A COUNTRY?

  8. Ajith says:

    Covid කියන්නනේ වෛරසයක් පෙන්නලා ලෝකෙටම එන්නත් ගහන්න හදපු ව්‍යාපෘතියක්.රටක ආර්ථිකය reset කරන එකයි මේකෙන් කරන්නෙ.මේ PHI ල දැන හෝ නොදැන ඒකට සපෝට් කරන එකයි කරන්නෙ. රටක ආර්ථිකය වට්ටලා ලෝක ආඥාදායක ව්‍යාපෘතියට
    ඕන විදිහට රටවල් පාලනය කරන්න සකස් කරපු ප්ලෑන් එකක්.රටෙන් බාගෙකට වැඩ්යෙන් එන්නත් කරල ඒකෙන් වැඩකුත් නෑ,අපි හැමෝම අවුරුදු 2ක් විතර මාස්ක් දානව ඒකෙන් වැඩකුත් නෑ,මාස ගනන් lockdawan කරනව ඒකෙන් වැඩකුත් නෑ.එහෙම බැලුවොත් නිශ්පල දේවල් නැවත නැවත කිරීමෙන් සාර්තක ප්‍රතිපල ලැබෙන්නෙ නෑ.ලමයි 99.98%කට කොවිඩ් බලපාන්නෙ නෑ.මේ එන්නත කියන බොරුව නොකර තිබුන නම් අපිට මේ PCR කියන බොරු ප්‍රෝඩාව විසිකරල වෙනද වගේ වැඩ කරන්න තිබුනා.එන්නත තමයි ජීව අවිය ඒකට අපි අහු වෙලා තියෙන්නෙ.දැන්මොකුත් කරන්න බෑ.මේ රට වැටෙනව.ඒ වැටෙන දවසට ඔබේ පුද්ගලික දේපල අයිතිය පවා නැති වෙනව.බලන්න UN එකේ Agenda21,2030,සහ World Economic fourme එකේ davos Agenda.අපි ඉන්නෙ යුද්දයක් මැද.