දෙසැම්බර 31 දා බිලියන හයහමාරක් අච්චු ගහලා… වසරක් තුල බිලියන 678ක්…

January 2, 2022 at 6:21 am | lanka C news
දෙසැම්බර 31 දා බිලියන හයහමාරක් අච්චු ගහලා… වසරක් තුල බිලියන 678ක්…

රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි

“ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි, හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ, අන්තිම දවසේ, අන්තිම පැයේ දී රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා තියෙනවා” යැයි හිටපු ආන්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම. පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300) ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.

අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි. දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ. දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා. හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි.

වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා. මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ. රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා” යැයි ද, තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

20,865 views

7 Comments to “දෙසැම්බර 31 දා බිලියන හයහමාරක් අච්චු ගහලා… වසරක් තුල බිලියන 678ක්…”

  1. සකු says:

    ලෝකයේම ඉන්න උසස්ම රජයෙ සේවකයන් ඉන්නෙ අපේ රටේනේ රජයෙ සේවකයන් ට පඩි දෙන්න පෙන්සන් දෙන්න අත්තිකාල දීමනා දෙන්න ඕනෙ නේ. පව් නෙත්නම්

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මේ මෝඩය දන්න ලබ්බ. සල්ලි වැඩිවෙනකොට ජනතාව අතර සල්ලි වැඩියෙන් ගවසෙනව. එතකොට දුප්පත්කම අඩුවෙනව.

    • Jagath says:

      උඹේ ආර්ථික විද්‍යා දැනුම මාරයි. රට මෙහෙම ඉතුරු වෙලා තියන එකත් පුදුමයි. 😂😂😂😄😄

  3. සීයා says:

    සල්ලි අච්චු ගහලා ඒ අයගේ ගිණුම් වලට දාගෙන නෙමෙයි, මොන විදිහකින් හරි මේ අමාරු වෙලාවෙන් ගොඩ යන්නයි මේ ඔක්කොම කරන්නේ.

  4. Hair says:

    2022 May this government print more money

  5. හසිත says:

    මුන් ඔක්කොම බටහිර උගන්වන දේ ගිරවු වගේ කියවනවා. චන්ඩ්‍රිකාගේ කාලේ බටහිර ලෝකේ ආන්ඩු රාජ්‍ය වියාපාර සමාගම් කරනය කරනවා ඒක තමා හරිදේ කියල හිටපු මෝඩ පන්ඩිත බකයා සරත් අමුනුගම අපේ රාජ්‍ය සමාගම් පුද්ගලීකරනය කලා 2007 වෙද්දි අමෙරිකානු බන්කු රාජ්‍ය නීතිවලින් මිදීම නිසා අමෙරිකාව බන්කොලොත් වෙන තෙනට වෙටුනම මුන් මුන්ගෙ සින්දුව වෙනස් කලා.මේ මුදලුත් එහෙම තමයි.ඩොලරයේ චන්ඩිකම් තව සුලු කාලයයි රූබල් සහ යුවාන් ලෝකෙ බෙදනවා ඩොලර් විසිවෙනවා

  6. කරු says:

    මේ කියවන එකා ආණ්ඩු කාරය වෙන්න කළින් මොකක් හරි දූෂනයට විරුද්ද NGO එකක් කරපු එකෙක්. හැබැයි ආණ්ඩුවෙ ආරක්ෂාව තාමත් ගන්න හිටපු ආණ්ඩුකාරයන්ලෙ ලිස්ට එකේ මුගෙ නමත් තිබුණ මතකයි.

Main News