දෙහිඅත්තකණ්ඩියේ දෙදෙනෙකුට කොරෝනා.. ජනපති පැමිණෙන ජනහමුව අවලංගුයි…

July 17, 2020 at 9:20 am | lanka C news
දෙහිඅත්තකණ්ඩියේ දෙදෙනෙකුට කොරෝනා.. ජනපති පැමිණෙන ජනහමුව අවලංගුයි…

දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා සමග සමීපව කටයුතු කළ ආශ්‍රිතයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඔවුන් සමග ඍජුව සම්බන්ධ ආශ්‍රිතයන් 250ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ප්‍රදේශයේ ගමනාගමනය හැකිතාක් අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම කාර්යාලය කියා සිටියි.

මේ තත්වය මත අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ දෙහිඅත්තකන්ඩිය ජන හමුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.

295 views
Main News