දෙහිඔ්විට ලොක්ඩවුන්..

October 27, 2020 at 5:30 pm | lanka C news
දෙහිඔ්විට ලොක්ඩවුන්..

දෙහිඔ්විට ප්‍රදේශයේ ගම්මාන පහක් හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඉහළ තල්දූව, පහළ තල්දුව, දෙහිඕවිට, ඇපලපිටිය හා තිඹිරිපොල යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් මෙම ගම්මාන වලින් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ ආසාදිතයන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.

අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

21,937 views

One Comment to “දෙහිඔ්විට ලොක්ඩවුන්..”

  1. කාන්තාර පළඟැටියා says:

    දුර ගමන් සේවා බස් රථ නවත්වන කෑම කඩ බොහොමයක් තියෙනවා ඔය ප්‍රදේශයේ. ඒ කඩවල අයව අහඹු ලෙස හෝ පරීක්ෂණයට භාජනය කරන්න ඕනෑ. ගෙදර ගිහින්ම කනවා කියලා හිතාගෙන මාලු ගේන්න ගිය අයනම් කන්න නැතුව ඇති එව්වයින්, ඒත් යන එන ගමනේදි දුම්වැටි ගන්න තේ බොන්න ඔය කඩවලට ගොඩ වෙලා තියෙන්න පුළුවනි