දෙහිවල සත්තුවත්ත අසලත් පිපිරීමක්.. දෙදෙනෙකු මරුට..

April 21, 2019 at 2:10 pm | lanka C news
දෙහිවල සත්තුවත්ත අසලත් පිපිරීමක්.. දෙදෙනෙකු මරුට..

දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට ද පිපිරීමත් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරියේ පිහිටි හෝටලයක මෙම පිපිරීම සිදු ව ඇත.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බවයි.

දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

219 views
Main News