දෙහිවල සත්වෝද්‍යානය පිලියන්දලට..

August 19, 2020 at 12:40 pm | lanka C news
දෙහිවල සත්වෝද්‍යානය පිලියන්දලට..

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වලට ලබා දීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසේ. එය කඩිනමින් ඇමති මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරවයා මේ බව සදහන් කළේය.  නව රජයේ විශයපථය වෙන් කිරීමේ ගැසට් පත්‍රයට අනුව සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පැවරී ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතටය. සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ඉදිරි කටයුතු පිලිබද සාකච්ඡා කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබුණි.

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වැනි ජාතික උත්සව වලට අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දේපාර්තුමේන්තුව මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ එම මාර්ගෝපදේශ සංග්‍රහය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවයි. හීලෑ අලි ඇතුන්ට සිදුවන හිංසනය වැළැක්වීමට මෙහි දී ප්‍රමුඛතාව හිමිවිය යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වනජීවි ඇමතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කීවේය.

දෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමු විය. ඔහු පෙන්වා දුන්නේ සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බවයි. ඒ නිසා සත්වෝද්‍යානය නවින ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමතිවරයා සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතු බව අවධාරණය කළේය.

දෙහිවල සත්වොද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සදහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැය වන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවිම් සදහා රුපියල් මිලියන 06 ක මුදලක් වැය වන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී උපදෙස් දුන්නේ කැබිනට් මණ්ඩලයට සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව එම වාර්තාව කඩිනමින් තමා වෙත යොමු කරන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දුන්නේය. ඊට අමතරව ඉදිරි අයවැයට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

82,003 views

14 Comments to “දෙහිවල සත්වෝද්‍යානය පිලියන්දලට..”

  1. Love nature says:

    සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් ..මිනිසුන්ගේ විනෝදය සදහා අසරණ සතුන් කුඩු කර තැබීම බෞද්ධ රටකට කිසිසේත් සුදුසු නැත මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත.. ඒගැන අවධානය යොමු කිරීම ගැන සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට අපේ ස්තුති ය

    • Aruni says:

      100% agree with you. Time for do the change. Wish you all the best for do the right thing. Thanks Mr Ranatunga.

    • ධනූ says:

      සතුන් කූඩුකර නැරඹීම මිනිසුන් ගේ මානසික රෝගයක ලක්‍ෂණ බව සොයාගෙන ඇත​. හොඳමදේ සතුන්ට පාඩුවේ උන් ගේ ආවේනික පරිසරයේ ජීවත්වීමත ඉඩදී මිනිසුන් උන් ගේ පාඩුවේ සිටීමයි (සැඟවූ කැමරා, “සොභාධාරා” වැනි අර්ථවත් වාර්ථා වැඩසටහන් මගින් මිනිසුන් ගේ කෘතුහලය බුද්ධිමත් ලෙස පියවීමට මග සොයාගෙනීම​, තව ඉතින් ඔය මානසික ලෙඩය තියෙන සුද්දෙක් එහෙම ඉන්නවනං ගෙනිහිල්ලා පෙන්නුවට කමක් නැත) නමුත් අවාසනාවකට දැන් මෙය කර්මාන්තයකි, ජීවන උපායකි. එහෙත් අප සතුන්ගේ නිදහස ගැනද සිතිය යුතුමය​…

  2. Madura says:

    Sathwa udyana awashya naha. Oya sththu apahu e ratawalata denna. Habai dehiwala idama niwasa hadanna epa. Eka gas ehemmama thiyala walking, cycling walata thiyanna. Kada dala.

  3. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    සත්වෝද්‍යාන සංකල්පය සුද්දන්ගේ එකක්… සුද්දන් එන්න කලින් එහෙම එව්ව තිබ්බෙ නෑ…
    මන්ත්‍රී ආසනේට පොරකන ව්‍යාජ චීවරධාරීයන් කවුරුත් එව්ව ගැන කථා කරලත් නෑ කරන්නෙත් නෑ

    • dissanaike says:

      චීවරය හැඳගෙන බලයට පොරකන තක්කඩියන්ව දාන්න හොඳයි සත්තු වත්ත​.

  4. T says:

    Wisshta Kiriyawak Prassana Amathituma. Obage Hakiywan Me Rate Siyalu Janathawa Dana Ganna Sewaya Karanna. Oba Pakshaye Nayakayan Obathuma Ekkea Tanakata Kotu Karanna Hadanawa Kiyalaa Hithne Nisai Mehema Kiyanne.

  5. sana says:

    Hon minister. Pl. Take this to Gampaha District as there are lot of lands and can give more jobs for your district people.

  6. Norata Eka says:

    සතුන් සිටින්නේ මිනිසාට නැරඹීමට නොවේ…සත්වෝද්‍යාන යන සංකල්පයම වැරදියි…

    • හුටා පටස් says:

      කොහොම ද ඔටුවො, පෙන්ගුයින් වගේ විදේශ කාලගුණය ට හුරු සතුන් කූඩු නොකර රැක ගැන්නේ. කැළෑ කලොත් උන් විශේෂ අවධානයෙන් මිදී මිය යා හැකිය. සතුන් කූඩු කිරීමට මාත් විරුද්ධ අතර, සතුටු වීමට සතුන් නැරඹීමෙන් සතුන්ට හිංසා නොවනවා යන මතයේ මම සිටිමි. උන්ට සළකනවා නං මැරෙන්නේ නැත්නම්, මොන පව් ද බං?
      දවසකට කැළෑ සතුන් කී දෙනෙක් දඩයම් කරනවා ද? ඒ ගැන දුකක් නැති අය සත්වෝද්‍යාන සංකල්පය ට වෛර කරනවා. අනේ අම්මපා, මුං මිනිස්සු ද, නැත්නම් ගෝත්‍රිකයන් ද???!

  7. Sirimal says:

    The president has given the zoo subject and elephant orphanage subject to the correct person who is like a elephant with a big structure and small brain

  8. අනු අටකලම්පන්න says:

    පිළියන්දල ගැටබුවාන තමා හොදම තැන.

  9. citizen says:

    There must be a big businessman offering a huge bribe to the minister to get this valuable land for a hotel or housing project. Moving this costs a lot of tax payers’ money. This is like moving army headquarters to Pelawatta to construct a hotel where someone got a huge amount of money. Thewre is already open zoos at Hambantota and Pinnawela and we do not need any more zoos. Keep the Dehiwela zoo where it is since it is easily accesible to most people.

  10. er says:

    සත්වෝද්‍යානයේ ආදායමත් කිව්ව නම් හොදයි.

Main News