දේදුනු අන්තයේ සිට මංගල දුන් බියර් සහනයට ජනපති විරුද්ද වෙයි..
December 5, 2017 at 6:24 am | lanka C news
2017 වසර සදහා වන අයවැය යෝජනාවලිය මගින් බියර් සදහා සහන ලබා දීම අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සෞඛ්‍ය අමාතයංශයේ වැය ශීර්ෂයේදී පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් ක්රියාත්මන වන මොහොතේදී බියර් හෝ අරක්කු සදහා සහන දීම සුදුසු නොවන බවද ඔහු සදහන් කලේය.
අයවැය මගින් යෝජනා කර ඇති බියර් සදහා වන මිල සහනයට මේ වන විටත් පාර්ශව ගණනාවකින් දෝෂාරෝපන එල්ල වී ඇත.
නමුත් මුදල් අමාත්‍යංශය සදහන් කරන්නේ එකී යෝජනාව අහෝසි කරන්නට සූදානම් නැති බවකි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැුස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා දී තිබින.
Kiyawanawa witharai. Weda naha. Cabinet eke pradaniya hatiyata saha rata janadipathi lesa virudda wenna thibune edane.
ඔයා හරී නරකයී මෙයා
This is like strong action against the plantain Sujeewa.
මයි3 යි මංගලයි සුජියයි කරන්නේ රඟපෑම. ජනතාව නැවත සැරයක් ගොනාට අන්දවන්නයි ට්‍රයි එක . අය වැයට කැබිනට් අනුමැතිය දුන්නෙත් මයි3 ම නේද . එතකොට මේක දැක්කෙම නැද්ද ? නැත්තම් මංගලටත් කියල මෙයා පොර වෙන්න හිතාගෙන කරපු වැඩක් බව දැන් ජනතාව දන්නවා . පවු අප්පා !!
Hutange kum Kotiyai
WADA OUNSAI. HITAN
මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් වේලාසිය සහ තොඩුවාව ඇතුළු තවත් ප්‍රදේශයන් රැසක ඊයේ (02) වන දින මුන්දලම පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි මත්පැන් ජාවාරම් තිප්පලවල් කිහිපයක් වැටලූ පොලිස් නිළධාරින් සැකකරුවන් දෙකක් සමග නීති විරොධි මත්පැන් තොගයක් වැටලීමට සමත්ව තිබූ බව කියයි.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වසර ගණනාවක සිට වේලාසීය ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස පවත්වගෙන ගොස් තිබූ කසිප්පු පෙරීමේ ස්ථානයක් බවත්, එහි තිබී ගෝඩා ඩ්රෑම්ස් 3840 අඩංගු බැරල් දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව මදුරන්කුලිය තොඩුවාව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් අලෙවියේ නිරත පුද්ගලයෙකු වටලා සන්ථකයේ තිබූ කසිප්පු බෝතල් 20ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූණි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් වේලාසිය සහ තොඩුවා ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් මොවුන් කසිප්පු ජාවාරමට උපන් හපන් නම් දැරූ පුද්ගලයින් බවයි මුන්දලම පොලීසිය කල විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මුන්දලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත පරික්ෂණ ආරම්භ කර තිබුණි.
– කේ.ප්‍රියංකර
this is the y the tax on beer is low, to prevent this kind of nonsense. Or impose massive fines for illicit distilling.over a Rs100,000/- per gallon.
හත්වලාමේ මට මතක නැහැනෙ, කැබිනට් රැස්වීමෙ මම අනුමැතිය දුන්නා?
Mama mokekda mata kiyanawada.?
රටෙ මුදල් ඇමතිටත් පහලින් ඉන්න ජනාධිපතියෙක්. ඔන්න වෙනස කියලා කරගත්තු දේ.
පවුලේ එකෙක් වත් මධ්‍යසාර තියෙන වා කියලා අරිෂ්ට වත් නොබී ඉන්න කොට මං කොහොම ද බියර් මිල ඉහළ යනකොට ඉවසගෙන ඉන්නෙ.අඳෝමැයි……..
බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක් (19 ) සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස් කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය.
රටේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමත්, සමස්ත ආර්ථිකයම විදේශීකරණයට යටත් කිරීමත්, සන්නිවේදන ජලයට බද්දක් අය කිරීමත්, දේශීය ව්‍යාපාරිකයා පාරට ඇද දැමීමත්, දේශීය වෛද්‍ය ක්‍රමය ඉන්දියාවට බිලි දීමත් අයවැය මගින් වක්‍රාකාරව සිදු කර ඇති අතර සියලු බර රටේ ජනතාවට දැරීමට සිදු වී ඇති බවද හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය සම්පත් විකිණීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවද ඒ නිසා මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ නතර කිරීමට පක්ෂ භේදයෙන් තොරව එකතු විය යුතු බවද පාදෙනිය මහතා ඊයේ (4 දා) විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී පැවසීය.