දේවාලයක් මුවාවෙන් හෙරොයින් අලෙවි කරමින් සිටි පුජකවරයා සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට…
March 14, 2021 at 8:40 am | lanka C news
නාවලපිටිය නගරයේ හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි කපුවෙකු සහ එම කපුවාගේ ආවතේව කටයුතු සදහා සිටි 27 හැවිරිදි කාන්තාවක් නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා නාවලපිටිය නගරයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි එම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ කාන්තාවගේ අත්බැගයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍යය මිලිග්රැම් 140 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඊසිකැෂ් ක්‍රමයට ඉතා සුක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරම කාලයක් තිස්සේ නිරතව සිට ඇති අය බවයි දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
අත්අඩංගුවට ගත් 67 හැවිරිදි කපුවා ගම්පොල අටබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකාරිනිය නාවලපිටිය ඉගුරුඔය පදිංචිකාරිණයක් බවත්, සැකකරුවන් දෙදෙනා (14) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල නාවලපිටිය පොලිසියේ නිලධාරින් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Dewala walata yanawanam KABA LITTE dewaleta yanda warella.
Mama moda Saluwa-Nati-Lukaya hawa karala, KABALITTE yanne.
EKA EKA KALETA MAMA HAWO ALL-GANNAWA SALLI HAMBA KARA GANDA
Huuuuuuuuuuuu
දේවාල වලින් පිහිට ඉල්ලන්ට මේක හොද පාඩමක් දැන්වත් ඔය මෝඩ වැඩ නොකරන්න
බුදු දහම හා දේව සංකල්පය පිළිබඳ නූතන යුගයේ විවිධ ලෙස වාද විවිධ පවතී. ලෝකයේ ‘ඇති සියලු’ ආගම් කොටස් දෙකකට බෙදා දැක්වෙයි. එනම් මානවවාදී (මානව කේන්ද්‍රිය) ආගම් සහ දේවවාදී (දේව කේන්ද්‍රිය) ආගම් යනුවෙනි.
මිනිසාගේ චින්තන නිදහසට හා මිනිසාගේ ස්වාමිත්වය මිනිසාට හිමි කරදී ඇති ආගම වන්නේ බුදු දහමයි. මිනිසා ඇතුළු සියලු සත්වයාත් ලෝකයත් මෙහෙයවන බලවේගය දෙවියන් බවත් එම දෙවියන් සර්වබලධාරී දෙවි කෙනෙකු බවත් විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වේ. බුදු දහම හැරුණු විට ලොව ඇති හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, ආදි සියලු ආගම් දෙවියන් විසින් ලොව මවා ඇති බව පිළිගනිමින් අදහන ආගම්ය.
මිනිසාට වඩා අසීමිත බලයක් දෙවියන්ට ඇතැයි විශ්වාස කරන මිනිසුන් විවිධ පුද පූජා භාරහාර සිදු කරමින් විවිධ සම්පත් ප්‍රාර්ථනා කරති. නමුත් බෞද්ධ සංකල්පයට අනුව මෙලෙස දෙවියන් ඇදහීම නුවණැති ක්‍රියාවක් නොවේ. තම ජීවිතයේ ප්‍රාර්ථනා සඵල කර ගැනීමට තම උත්සාහයෙන් වෙහෙස මහන්සියෙන් ක්‍රියා කළ යුතු අතර දෙවියන් ඇදහීමෙන් තම අපේක්ෂා සඵල කරගත නොහැකිය.