දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරන සොරාගෙන ගිහින්…

August 16, 2021 at 6:35 pm | lanka C news
දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරන සොරාගෙන ගිහින්…

මුලතිව් මාන්කුලම් පොලිස්වසමේ පාලමරතඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක දේවාලයේ තිබූ රන් ආඹරන ඊයේ (15) දින සොරාගෙන ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පාලමරතඩි ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ දොරටුවේ අගුල් කඩා ඊයේ රාත්‍රියේ දේවාලයට ඇතුල්වූ සොරෙකු විසින් දේව පිළිමේ පළන්ඳවා තිබූ රන්ආබරන සොරාගෙන ගොස් ඇති බවට කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් මාන්කුලම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

පසුව අදල කෝවිල වෙතට පැමිණි මාන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර රන් ආඹරන සොරාගත් අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැති බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

18,202 views

16 Comments to “දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරන සොරාගෙන ගිහින්…”

  1. Hasim says:

    දෙවියන් බලවත් නම් කොහොමද එයාගෙ මාලෙ කඩාගෙන යන්න ඉඩ දුන්නේ.

    • චතුර says:

      දෙවියන් සැතපෙන වෙලාවක් බලලා, වැඩේ දීලා තියෙන්නේ. දැන්කාලෙ දෙවියන්ටත් CCTV සරණයි.

  2. MD says:

    දැන්වත් තේරුම් ගන්න මෝඩ මිනිස්සුනේ දෙවියන් ඔය ඵක මාලයක් වත් ගන්නෙ නෑ කියලා.පූජ්‍ය පක්ෂයට දුප්පත් අහිංසක පවුලකට වටිනා යමක් දීලා ඵ් පින කුසලය දෙවියන්ට අනුමෝදන් කරන්න.ඵතකොට දෙවියන් සතුටු වෙනවා.ඵයාලා ඵතකොට අපිට ආශිර්වාද කරනවා.අන්න ඵතකොට තමයි අපේ සිතුම් පැතුම් ඉටුවන්නේ.ඵ් කියන්නේ හොරකම් මැරකම් කරන්න බලාගෙන ඵහෙම කරලා වැඩක් නැහැ.

Main News