දේවාල කපුවෙකුගේ පැණියක පැටලී වැඩක් නෑ.. කොරෝනා එන්නත ගෙන ආ යුතුයි..

December 25, 2020 at 3:30 am | lanka C news
දේවාල කපුවෙකුගේ පැණියක පැටලී වැඩක් නෑ.. කොරෝනා එන්නත ගෙන ආ යුතුයි..

කොරෝනා පාළනයට යයි කියමින් දේවාලයක කපුවෙකු නිපදවූ බව කියන පැණියක පැටලි සිටිම වෙනුවට රජය දැන් කළ යුතුව ඇත්තේ හැකි ඉක්මනින් එන්නත මෙරටට ගෙන්වා ගැනීම බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අද සිදුවෙමින් ඇත්තේ කළ යුතු දේවල් පැත්තක තබා නොකල යුතු දේවල් වල පැටලීම බවයි.

අසනීපයක් සුව වන්නේ නම් හොඳ නමුත් පැණියෙන් සුව වෙනවාදැයි විද්‍යාත්මක පරීක්ෂණ කර තීරණය කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පැණියෙන් සුව නූනොත් සිදුවන්නේ කුමක් දැයි ප්‍රශ්න කරන ඔහු එනිසා සුව වන බවට තහවුරු කරගෙන එය ලබාදිය යුතු බවත් පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

22,442 views

26 Comments to “දේවාල කපුවෙකුගේ පැණියක පැටලී වැඩක් නෑ.. කොරෝනා එන්නත ගෙන ආ යුතුයි..”

  1. Razor says:

    Yes we understand who gets the commissions.

    • Rata Wenuwen says:

      එහෙම වත් කියලා හිත හදා ගමු. අපේ පැණි ආතල් ඉවරයි.

    • Razor, Lankawe mema kalakanni, thakkadi, hora, wanachara, dushra, deshadrohi Deshapaluwo 225 hak Parlimenthkuwata api motta chandadayakayo pathkala madiwata, thawa kalakanni, motta hora wanachara desha drohi deshapaluwo pathkala :Pradeshiya sabha kiyana hora guhawal walata, thawath hora wal kalakanni tikak, Palath Sabha kiyana ewatath pathkaranawanam Api Lankika minissunge molawal wala matti gombetti thiyanawada kiyala balannai thiyenne.

    • Dilan says:

      කියන දත්ත අනුව 1 %ක් වත් හැදිලා නැත්නම් මොන මගුලකටද ඔච්චර එන්නතට වියදම් කරන්නේ?

      ඔයාලගේ දත්ත ඔයාලටම විශ්වාස කරන්න බැරි හින්දද?

  2. ranjan says:

    පැත්තකට වෙලා හොදට නිදා ගන්නින් එන්නත ආපුවාම කොහේට හරි විදගනින්

  3. Helaya says:

    Kalakata psu metugagen suba adahask awa . hitapu saukkya amati hatiyata wedagat teeranayak

  4. ජේ ආර් මල් ශාලාව says:

    ඔව් ඔව් පැනිය නම් කීයටවත් පාර්ලිමේන්තු එවුන්ට දෙන්න එපා !
    එන්නත් දෙකම ගෙන්නලා උන්ගේ අත් දෙකටම ගහමු.

  5. The only Minister doing correct . He should lead SLFP from now on.May Triple Gem bless him.

  6. B. Anthony says:

    ඔව් වොව් නැතුව ධම්මික පැණිය හරි ගියොත් මේ පෑදිළා තියෙන උල්පත වැහෙනවා නෙව. යකෝ මුන්ට බැහැ නෙව ප්‍රසිද්ධියේ රෙද්ද කඩා ගන්නෙ නැතුව කන දෙයක් කන්න. ඇයි ධම්මික පැණිය කැමති කෙනෙකුට ගන්න දීලා සුද්දගේ ඉන්දියන් කාරයගේ එන්නත ගෙනැල්ලා කන හරියක් තොපිට කන්න. හත් පොළේ ගාගෙන නා ගන්නවා. ලජ්ජා නැතිකමනෙ. 69 ඉන්නෙත් ඔක්කොම මැට්ටො කියලනෙ හිතන්නෙ.

    • kamal says:

      බයි සිහිනය මට දකින්න ඉඩ හරින්න..
      බයි සිහිනෙන් මා මුදන්න ළං නොවන්න..

Main News