දේශද්‍රෝහියකු වීමෙන් ලැබෙන භෞතික වාසි ගැන මාද දැනගත්තේ දේශද්‍රෝහියකු වී සෑහෙන කාලයකින් – නිර්මාල්
January 5, 2017 at 3:50 pm | lanka C news
‘මා පවා දේශද්‍රෝහියකු වීම මගින් ලැබිය හැකි භෞතික වාසි ගැන අවබෝධයක් ඇති කර ගත්තේල දේශද්‍රෝහියකු බවට පත් වී සෑහෙන කාලයකට පසුවයි’ යයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ඔහු මෙසේ සදහන් කර ඇත්තේ රාවය පුවත්පතට ඔහු විසින් ලියන ලද ‘මා දේශද්‍රෝහියකු වූයේ කෙසේ ද’ නම් ලිපියකයි.