දේශප්‍රේමය ලෙඩක්.. අප නැතොත් රට බොරුකාරයින්ගේ දේශයක් බවට පත් වෙනවා..- රාජිත

July 1, 2017 at 3:50 pm | lanka C news
දේශප්‍රේමය ලෙඩක්.. අප නැතොත් රට බොරුකාරයින්ගේ දේශයක් බවට පත් වෙනවා..- රාජිත

විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනයට යොමුවීමෙන් බිලියන 132 ක මුදලක් වාර්ෂිකව මෙරටින් පිටරටට ගලා යන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ දී සුවසේවා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයකට එක්වෙමිනි.

‘ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා. එය නොදකින මිනිසුන් පුස්කොළ පොත වගෙයි. දේශප්‍රේමය බොරුවට නිර්වචනය කරනවා. දරුවන්ගේ හෙට දිනය අඳුරු නොකළ යුතුයි. ඊනියා දේශප්‍රේමය ලෙඩක්. අපි ඊනියා දේශපාලනයට විරුද්ධව නොබියව කථා කරනවා. එහෙම කථා නොකර මෙි රට බෙිරා ගන්න බැහැ. නිවැරදි මාවතකට රට ගෙන යා යුතුයි. අපි බය වෙන්නේ නැහැ. හැමෝම බය වුනොත් රට බොරුකාරයින්ගේ දේශයක් බවට පත් වෙනවා. 1956 දී නියපොත්තෙන් කඩා ගැනීමට තිබු අර්බුදය යුද්ධයක් බවට පත් වුනා. බුද්ධිමත් තරුණ පිරිස පොත පත කියවා හොදින් කටයුතු කරන්න.

සෞඛ්‍ය සේවාවෙි නව පත්වීම් ලාභීන්ගේ මොළය වෙනස් කරන්න සමහරු කටයුතු කරනවා. සමාජවාදය පිළිබදව ශබිද නගා ගෙන එනවා. ඒ ඔවුන් සිතන සමාජවාදයයි. මාක්ස්ගේ සමාජවාදය නොවෙයි.

වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරෙන අය සියළු දෙනාම විශ්ව විද්‍යාලවලට ඇතුලක් කර ගන්න බැහැ. සියයට 17 ක් ගන්න පුළුවන්. සියයට 83 කට දොර වැහෙනවා. ඔවුන්ගෙන් සියයට 3 ක් ගන්න වෛද්‍ය විද්‍යාලයක් හදනවා නම් එය වසා නොදමා දියුණු කළ යුතුයි. උසස් අධ්‍යාපනයට ආධාර ලබාදිය යුතුයි. වාර්ෂිකව විදේශ වෛද්‍ය අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාවෙන් යන දරු දැරියන් රුපියල් බිලියන 132 ක් වැය කරනවා. එම මුදල විදේශීය රටවලට ගලාගෙන යනවා. වත්මන් රජය නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියනවා. නමුත් රජය වෛද්‍ය පීඨ සංවර්ධනය කරනවා. 2018 අවසන් වන විට නේවාසිකාගාර හදනවා. ඒ සදහා අවශ්‍ය මුදල් ලබාදෙනවා’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

61 views

11 Comments to “දේශප්‍රේමය ලෙඩක්.. අප නැතොත් රට බොරුකාරයින්ගේ දේශයක් බවට පත් වෙනවා..- රාජිත”

  1. Amaraweera says:

    Uydde dinnana deshapremi , den eka halanada kiyanae, Meritha Sinhalayo monavakiyavida apita?

Main News