දේශපාලකයින්, රාජ්‍ය නිලධාරින් නිසා හොරකම් වංචාව දූෂණය ඉහවහා ගිහින්.. පොඩි ලමයින් පවා කියාවි රාජ්‍ය නිලධාරින් චුට්ටක් හොදයි දේශපාලකයන්ට වඩා.. – ජනපති
February 20, 2017 at 12:00 pm | lanka C news
තොරතුරු දැනගැනිමේ පනත හදුන්වාදිමේ දී අරලියගහ මන්දිරයේදී තිබු රැස්විමේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පල කලේය
‘මේ රටේ හොරකම් වංචාව දූෂණය කියන එක පුරුදුවෙච්ච අයට අත අරින්න බැරි කමක් තියෙනවා. මේ නියඟය නිසා පිඩාවට පත්වෙන ජනතාවට අවශ්‍ය සහන සලසන්න අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයක් නිසා මම පෞද්ගලික සමාගමකට එන්න කියලා ඒ සමාගම තමයි එවා නිෂ්පාදනය කරන්නේ මෙවා ටෙන්ඩර් කැදවා කැදවා ඉන්න වෙලාවක් නැහ මට ඕගොල්ලන් ගනන් කියන්න ඒ වෙලාවෙ මට ගනන් කිව්වා, මම කිව්වා හරි මට මෙච්චර ඕන, හැකි පමණ ඉක්මනින් දෙන්න.
ඊට දවස් 4 කට 5 කට පස්සේ මගේ නිලධාරි මහතෙක් ඇවිත් කිව්වා සර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මම ඇහැව්වා ඇයි? අර සමාගමට දුන්න ඇණවුම්……… මම ඇහැව්වා මොකද බෑ කියනවාද? නැහ සර් එගොල්ලන් කියනවා ඒක තමයි අඩුම ගාන නමුත් ඒ එකකින් රුපියල් පනස්දාහ ගානේ තියෙනවා එක දෙන්නේ කාටද කියලා? මම ඇහැව්වා එතකොට ඒ පනස්දාහ අඩුකරලා ඇයි හදන්න බැරි? නැහ සර් එහෙම බැරි ලු ඒ පනස්දාහ දෙන්නම ඕනලු කාටහරි, පනස්දාහේ ඒවා දෙසියයි, ලක්ෂ සීයයි, මම කිව්වා මේක පුදුම රටක් නේ….. එතකොට මේක දෙන්නම ඕනේ? ඔව් සර් මේක දෙන්නම ඕන කියලා එගොල්ලන් කියනවා.
ඒ මගේ නිලධාරි මහත්තයාගේ තිබුන අවංකකම නිසා එයා මට ඇවිල්ලා කිව්වා මම සතුටු වෙනවා එවැනි අවංක රාජ්‍ය නිලධාරින් මේ රටේ ඉන්න එක ගැන. අපි ඇහැව්වොත් මේ රටේ දේශපාලකයින් ගැන මොනවාද කියන්නේ කියලා මහජනතාවගෙන්, මම හිතන්නේ නැහ සීයට එක්කෙනෙක්වත් කියයි කියලා දේශපාලකයින් හොදයි කියලා, මේ රටේ රාජ්‍ය නිලධාරින් පිලිබඳව මොකද ඔබ කියන්නේ කියලා ඇහැව්වොත් මම හිතනවා දේශපාලකයින්ට වැඩියෙන් පොඩි ලකුණු ප්‍රමාණයක් වැටෙයි, වැරදි දේශපාලන සංස්කෘතිය, වැරදි නිලධාරි සංස්කෘතිය ගියා එතන තමයි අපිට අද රට ගොඩ ගන්න හදාගන්න තියෙන තැන’
වීඩියෝව මෙතනින්