දේශපාලකයින්, රාජ්‍ය නිලධාරින් නිසා හොරකම් වංචාව දූෂණය ඉහවහා ගිහින්.. පොඩි ලමයින් පවා කියාවි රාජ්‍ය නිලධාරින් චුට්ටක් හොදයි දේශපාලකයන්ට වඩා.. – ජනපති

February 20, 2017 at 12:00 pm | lanka C news
දේශපාලකයින්, රාජ්‍ය නිලධාරින් නිසා හොරකම් වංචාව දූෂණය ඉහවහා ගිහින්.. පොඩි ලමයින් පවා කියාවි රාජ්‍ය නිලධාරින් චුට්ටක් හොදයි දේශපාලකයන්ට වඩා.. – ජනපති

තොරතුරු දැනගැනිමේ පනත හදුන්වාදිමේ දී අරලියගහ මන්දිරයේදී තිබු රැස්විමේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පල කලේය

‘මේ රටේ හොරකම් වංචාව දූෂණය කියන එක පුරුදුවෙච්ච අයට අත අරින්න බැරි කමක් තියෙනවා. මේ නියඟය නිසා පිඩාවට පත්වෙන ජනතාවට අවශ්‍ය සහන සලසන්න අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයක් නිසා මම පෞද්ගලික සමාගමකට එන්න කියලා ඒ සමාගම තමයි එවා නිෂ්පාදනය කරන්නේ මෙවා ටෙන්ඩර් කැදවා කැදවා ඉන්න වෙලාවක් නැහ මට ඕගොල්ලන් ගනන් කියන්න ඒ වෙලාවෙ මට ගනන් කිව්වා, මම කිව්වා හරි මට මෙච්චර ඕන, හැකි පමණ ඉක්මනින් දෙන්න.

ඊට දවස් 4 කට 5 කට පස්සේ මගේ නිලධාරි මහතෙක් ඇවිත් කිව්වා සර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මම ඇහැව්වා ඇයි? අර සමාගමට දුන්න ඇණවුම්……… මම ඇහැව්වා මොකද බෑ කියනවාද? නැහ සර් එගොල්ලන් කියනවා ඒක තමයි අඩුම ගාන නමුත් ඒ එකකින් රුපියල් පනස්දාහ ගානේ තියෙනවා එක දෙන්නේ කාටද කියලා? මම ඇහැව්වා එතකොට ඒ පනස්දාහ අඩුකරලා ඇයි හදන්න බැරි? නැහ සර් එහෙම බැරි ලු ඒ පනස්දාහ දෙන්නම ඕනලු කාටහරි, පනස්දාහේ ඒවා දෙසියයි, ලක්ෂ සීයයි, මම කිව්වා මේක පුදුම රටක් නේ….. එතකොට මේක දෙන්නම ඕනේ? ඔව් සර් මේක දෙන්නම ඕන කියලා එගොල්ලන් කියනවා.

ඒ මගේ නිලධාරි මහත්තයාගේ තිබුන අවංකකම නිසා එයා මට ඇවිල්ලා කිව්වා මම සතුටු වෙනවා එවැනි අවංක රාජ්‍ය නිලධාරින් මේ රටේ ඉන්න එක ගැන. අපි ඇහැව්වොත් මේ රටේ දේශපාලකයින් ගැන මොනවාද කියන්නේ කියලා මහජනතාවගෙන්, මම හිතන්නේ නැහ සීයට එක්කෙනෙක්වත් කියයි කියලා දේශපාලකයින් හොදයි කියලා, මේ රටේ රාජ්‍ය නිලධාරින් පිලිබඳව මොකද ඔබ කියන්නේ කියලා ඇහැව්වොත් මම හිතනවා දේශපාලකයින්ට වැඩියෙන් පොඩි ලකුණු ප්‍රමාණයක් වැටෙයි, වැරදි දේශපාලන සංස්කෘතිය, වැරදි නිලධාරි සංස්කෘතිය ගියා එතන තමයි අපිට අද රට ගොඩ ගන්න හදාගන්න තියෙන තැන’

වීඩියෝව මෙතනින්

21 views

22 Comments to “දේශපාලකයින්, රාජ්‍ය නිලධාරින් නිසා හොරකම් වංචාව දූෂණය ඉහවහා ගිහින්.. පොඩි ලමයින් පවා කියාවි රාජ්‍ය නිලධාරින් චුට්ටක් හොදයි දේශපාලකයන්ට වඩා.. – ජනපති”

  1. රාජ්‍ය සේවක says:

    මෙයින්ම පැහැදිලි වනුයේ රජයේ විඝණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රටේ විධායකය නොපිලි පදින බවයි. මෙයින් රටට දෙන ආදර්ශය මොකක්ද? රජයේ නිලධාරින්ට ආණ්ඩුවට අවශ්‍ය භාන්ඩ මිලදී ගැනිමේදි පිලිගත් අවම ටෙන්ඩර් ක්‍රියාපටිපාටියවත් අනුගමනය නොකොට කෙලින්ම සැපයුම් කරුවකු ගෙන්වා මිල නියම කිරිම කොතරම් සාධාරණ ද?

    • alaya says:

      athigaru ජනාධිපතිතුමනි කරුණාකර අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරන්න.

  2. jayadewa says:

    නියඟය ගංවතුර සහ ස්වභාවික විපත් සඳහා සහන සලස්වන්න වෙනම අමාත්‍යාංශය 2005 සිට රටේ ස්ථාපිත කොට ඇත. එය ආපදා කලමණාකරන අමාත්‍යාංශය ලෙස නම් කොට ඇමතිවරයෙකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ලේකම්වරයෙකු ද සිටි.
    වර්තමාන ආපදා කලමණාකරන අමාත්‍යවරයා වනුයේ අනුර ප්‍රියදර්ශන යාපා මහතායි. ඊට අමතරව ආපදා කලමණාකරන මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.
    මේ අනුව එම අමාත්‍යාංශයට අයත් රාජකාරියක් ජනාධිපති විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් ටෙන්ඩර් කැදවීමකින් තොරව කිරීම කොතරම් සාධාරණ ද?

  3. කදුරුවෙල ජයසේන says:

    මෙයා බබා. මෙයා දන්නේ නැහ පගා ගහන හැටි කොමිස් ගන්න හැටි. ජරාව පටන්ගත්තේ පොලොන්නරුව දෙකේ ඇලේ සමරේගෙන් ඉඩම්කට්ටි දෙන්න රුපියල් 100 කප් 76 දි අරගෙන. ඒ කාලේ මෙයා පලුගස්දමනේ ග්‍රාමසේවක ……..

  4. OLU says:

    What he says is correct. However, the biggest problem is that, this man is the most corrupt politician who cheated on the previuos govt. appointed Ranil illegally as PM, covered Central bank fraud. Pointing finger at others do not clean up you.

  5. සමරවික්‍රම says:

    උදේ ඉදන් රෑ වෙනකම් රාජ්‍ය නිලධාරින්ටයි රටේ හැම දේශපාලන නායකයකුටයි බනිනවා ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්නේ නැහ. ඩඩ්ලි සිරිසේන මල්ලිගේ හාල් මාෆියවා ගැන වචනයක් නැහ. ටෙලිකොම් සභාපති මල්ලි මාසයට රුපියල් මිලියන 10 කට වඩා ගසා කනවා එවා ගැන වචනයක් කතා නැහ. සමස්ථ රාජ්‍ය සේවය මෙන්ම අහිංසක රාජ්‍ය නිලධාරින් හොරු කියලා රටට පෙන්නන්න හදන බොලද උත්සහයක් මේක.

  6. ශාන්තිලාල් says:

    රටේ හැමෝම හොරු සිරිසේන පවුල ඇරෙන්න.

  7. ග්‍රාමාරක්ෂක says:

    මේ මනුෂ්‍යයා කියන එවා විශ්වා කරන්න පුලුවන්ද? ඈයි මේ වගේ පගාව හෝ කොමිස් ජනාධිපති කාර්යාලය නිලධාරින්ට දෙන්න ආවානම් අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරින් කැදවා මෙම සමාගමේ අල්ලස් දෙන්න ආපු නිලධාරින් නීතියට හසු කර දෙන්නේ නැත්තේ. මෙවා අරාබි නිසොල්ලාසේ කතා වගේ.

  8. Suba Anagathayak says:

    චම්පාට සිරිසේන උන්නැහැගෙ කෙලින් ගතිය දැනෙන්නෙ මෙන්න මේ වගේ කතා අහනකොට තමයි. හැබැයි චම්පාගේ හිත තියෙන්නෙ විමල් පැත්තට බර වෙලා. චම්පාගේ සිත ගත තෙත් වෙන්නෙ විමල් මතක් වුනාම. ඒ වෙලාවට චම්පාට විමල් ගැන කවි ලියැවෙනව. එතකොට සිරිසේන? සිරිසේන චම්පා පස්සෙන් ළඟටම ඇවිත්. දැන් චම්පාට සිරිසේනගේ කෙලින් ගතිය හොඳින් දැනෙනවා. සිරිසේනගෙ කෙලින් ගතියට චම්පා හරිම කැමතියි. ඔන්න චම්පා උන් හිටි තැන් අමතක වෙලා, මෙලෝ සිහියක් නැතිව සිරිසේනගේ හොඳ අපිට කියනවා.
    මේ ඩබල් ගේම මාට්ටු වේගන යනකොට චම්පා, වල්ලි අම්මා කියල නම වෙනස් කරගෙන එනව. ඉංග්‍රීසි කෑලි වනාගෙන එනව. දොඩවන්න ගන්නව. එත්, දැන් සී-නිවුස් සයිට් එකේ කවුරුත් චම්පා කියන්නෙ කුලියට ලියන්න මෙතනට දාපු වාතයක් කියල දැනගෙන.
    මැරීගෙන කාලයක් තිස්සේ කුලියට ලියපු එකේ ප්‍රතිපලය මොකක්ද? අපේ එකෙක්වත් හරවගන්න බැරිවුනා කියන එක හොඳටම ෂුවර්!! අපරාදෙ කාලයක් තිස්සෙ නිකං නැහුනෙ!
    දැන් ඉතින් චම්පා මොකද කරන්නේ? බෙල්ලෙ වැල දාගන්න එකත් එක විසඳුමක්!!
    ඇත්තටම බැලුවොත් දේශපාලනේදී ඔයවගෙ ගේම් වලින් කරන්න පුළුවන් ලබ්බක් නෑ. ෆේස්බුක් එක යොදාගෙන මහින්ද පැරැද්දුවද? එහෙම නැත්නම් කොහොමත් මහින්දට ඡන්දය නොදෙන්න හිතාගත්ත එවුන් ෆේස්බුක් එකේදී එකට හමුවුනාද? දැන් චම්පා වගේ ඒජන්ට් ලා කොච්චර බෙටි දාගෙන නෙට් එකේ දැගලුවත්, යහපාලනේ ගොඩ දාන්න පුලුවන්ද ඡන්දෙකදී?!!

  9. පන්නල සරත් says:

    අපේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා සහ ආපදා කලමනාකරන අමාත්‍යාංශයේ සියලු නිලධාරින් හොරු කියන එක නේද මේ කියන්නේ. මොකද නියං සහනාධාර අපේ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ විෂය පතයට අයත් රාජකාරියක්. ඒක ජනාධිපති කාර්යාලය රාජකාරියක් නෙවි.

  10. සමරසේකර බණ්ඩා says:

    ජනාධිපතිතුමනි කරුණාකර අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරන්න.