දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..

January 5, 2021 at 11:20 am | lanka C news
දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..

දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ දැක්වේ.

පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා එම වාර්තාව සඳහන් කරයි.

එම දුම්රිය යොදවා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බැවින් එය වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති රැසක් බලධාරීන්ට ලිපි යවා ඇතැයි ද සඳහන්ය.

73,416 views

16 Comments to “දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..”

  1. On The Spot says:

    වැලි රාජුගෙන් පසු ඒ වැලි රාජ්‍ය හිමි කර ගත් බෑණා කවුරුන්ද?ජාතිය වලලන්නට වලි කන කොළඹ කෝච්චියේ වැලි අදිනා එකා සුදු කරපටියෙන් ආරක්‍ෂා කරන උන්ද සමාජය දැන ගත යුතුය​.කුණුවී සැරව ගලනා සමාජය ගොඩ ගන්නට හැට නම ලක්‍ෂයක් පූජා කල මල් වට්ටිය අකලට පරවී යාද​?
    හුස්ම ගන්නට ඔක්‍ෂිජන් නැත​.ඔක්‍ෂිජන් කන්නද​?
    ගං දෑල උලා කාලාය​,වැලි කන්නද​?
    කාටවත් මේවා පේන්නේ නැත​,අන්ධ වෙලාද​?
    කිව්වට ඇහෙන්නේ නැත​,බිහිරි වෙලාද​?

  2. Chamith Perera says:

    අනේ අපිත් චංදෙ දුන්නනේ කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ

Main News