දේශපාලඥයන්ට වදින්න එපා.. මංගල පාසැල් දරුවන්ගෙන් ඉල්ලයි..

September 29, 2018 at 10:00 am | lanka C news
දේශපාලඥයන්ට වදින්න එපා.. මංගල පාසැල් දරුවන්ගෙන් ඉල්ලයි..

මිනිමරුවන්, කුඩු විකුණන්නන් දේශපාලඥයන් අතර සිටින නිසා ශවුන්ට වදින්න එපා යයි පාසැල් සිසු දරුවන්ගෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටී.

ඇමතිවරයා මෙම ඉල්ලීම කරන ලද්දේ කොළඹ නෙළම් පොකුණ රගහලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

දෙමවුපියනට, ගුරුවරුනට, ආගමින නායකයන්ට වැන්දාට දේශපාලඥයන්ට කොන්ද නමන්න උවමනා නැති බවත් යන්තම් හිස නමා ආචාර කිරීම ප‍්‍රමාණවත් බවත් ඇමතිවරයා කීය.

දේශපාලඥයන්ට පාසැල් දරුවන් දණ ගසා වදින සංස්කෘතිය අවසන් කල යුතු බවත් කොන්ද කෙලින් තබාගෙන සිටින දරුවන් ඇති රටක් ඇති කල යුතු බවත් ඇමතිරවරයා පෙන්වා දුන්නේය.

දරුවන්ට කුඩා කල සිටම මේ පුරුද්ද ඇති කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා එහිදි වැඩි දුරටත් කියා සිටියේය.

43 views
Main News