දේශපාලනයෙන් සමුගන්නවා – ඇමති නිමල් සිරිපාල
January 16, 2017 at 3:50 pm | lanka C news
තමන් ඉදිරියේදී දේශපාලනයෙන් සමුගන්නේ යයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි. තමන් කිසි දිනෙක පවුල් දේශපාලනයක නිරත වූයේ නැතැයිද කී ඔහු ‘මම ඌව පළාත ගොඩනැගීමට කටයුතු කලා. තව ටික දවසකින් විශ්‍රාම යනවා. මේකේ එල්ලිලා ඉන්නේ නෑ. එල්ලිලා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ’ යයි ඇමති නිමල් සිරිපාල එහිදී තව දුරටත් කීය.