දේශපාලනය උඩු යටිකුරු වීමට නියමිතයි.. 2013දී ගුවන් යානා ගණුදෙනුවකින් ශ‍්‍රී ලන්කන් විධායකයකුගේ බිරිදකට ඩොලර් මිලියන ගාණක අල්ලසක්.. ජනපති අණින් පරීක්‍ෂණ…

February 3, 2020 at 12:03 am | lanka C news
දේශපාලනය උඩු යටිකුරු වීමට නියමිතයි.. 2013දී ගුවන් යානා ගණුදෙනුවකින් ශ‍්‍රී ලන්කන් විධායකයකුගේ බිරිදකට ඩොලර් මිලියන ගාණක අල්ලසක්.. ජනපති අණින් පරීක්‍ෂණ…

එයාර් බස් ගනුදෙනුවේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා ගැන පූර්ණ විමර්ශනයක් සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර තිබේ.

ශ්‍රීලංකන් සමාගමට එයාර් බස් යානා 10 ක් මිලදී ගැනීමේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බව කියන බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි සමාගමකට ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලය අධිකරණයට ඉදිරිපත්කළ වාර්තාවකින් අනාවරණය කර තිබිණ.

2013 වසරේ ශ්‍රීලංකන් සමාගමට ඒ 330 වර්ගයේ යානා 6 ක් සහ ඒ 350 වර්ගයේ යානා 4 ක් මිලදී ගැනීමටත් තවත් යානා 4 ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමටත් බෲනායිහි ලියාපදිංචි සමාගම අතරමැදියන් ලෙස ක්‍රියාකාර තිබේ.

මෙම ගනුදෙනුව සඳහා එයාර් බස් සමාගම බෲනායි සමාගමට ගෙවීමට එකගවී ඇති අල්ලස ඇමරිකානු ඩොලර් මිලියන 16.84 කි.

ඉන් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 300 කට අධික මුදලක් එයාර් බස් සමාගම ගෙවා තිබිණ.

මේ ගනුදෙනුව ඇතුළු වංචා රැසක් පිළිබඳව බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කිරීමෙන් පසුව ඇමරිකාව, බ්‍රිනාන්‍ය සහ ප්‍රංශයට පවුම් බිලියන 3.6 ක වන්දි හා ගාස්තු ගෙවීමට එයාර් බස් සමාගමට සිදුව තිබේ.

කෙසේවෙතත් , ශ්‍රීලංකන් සමාගම මිලදී ගැනීමට සූදානම් වූ ඒ 350 යානා 4 පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය අවලංගු කළේ ය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවූ වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 98 කට අධිකයි.

එය දළ වශයෙන් රුපියල් මිලියන දාහතර දහසකට අධිකයි.

ශ්‍රීලංකන් සමාගමේ ඉහළම විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බෲනායි සමාගමට ලබාදුන් අල්ලස් මුදල රුපියල් මිලියන 300 ක් පමණ වෙද්දී ගනුදෙනුව අවලංගු කිරීමට ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දාහතර දහසකට අධික මුදලක් ගෙවා දැමීමට සිදුවිය.

අතරමැදි සමාගමකට අල්ලස් ගෙවීම පිළිබඳව වංචාවක් අනාවරණය වී තිබියදීත් ශ්‍රී ලංකාව යළිත් විශාල වන්දි මුදලක් ද ගෙවා දමා යානා මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කර තිබේ.

අද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ චෝදනා සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රථිපල තමන්ට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.

2011 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම සමග සිදුකළ දෙනුවේදී වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත් කර ඇති තීන්දුව පිළිබඳව දැනුවත් බව ශ්‍රීලංකන් සමාගම අද පස්වරුවේ නිවේදනය කළේ ය.

එම නිවේදනයේ දැක්වුණේ කිසියම් විමර්ශනයක් හෝ නඩු පැවරීමකදී ඕනෑම රජයේ ආයතනයක් සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සමාගමේ සභාපතිවරයා කළමනාකාරිත්වයට උපදෙස්දී ඇති බවයි.

අනාගතසේ දී සියලු නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් පවතින සියලු අභයන්තර ලියකියවිලි සංරක්ෂණය කර අධ්‍යයනය කරන ලෙසද සභාපතිවරයා උපදෙස් දී තිබේ.

– newsfirst.lk

79,696 Viewers

9 Comments to “දේශපාලනය උඩු යටිකුරු වීමට නියමිතයි.. 2013දී ගුවන් යානා ගණුදෙනුවකින් ශ‍්‍රී ලන්කන් විධායකයකුගේ බිරිදකට ඩොලර් මිලියන ගාණක අල්ලසක්.. ජනපති අණින් පරීක්‍ෂණ…”

  1. සිංහල බන්ඩා says:

    පැත්ත කුමක් උවත් නෑදෑ කම මොකක් උනත් හොරු දූෂිතයො නිරාවරණය කර ඔවුන්ට දඬුවම් කල යුතුය්. ජනතාව ගෝඨා ජනාධිපති ලෙස පත්කර ගත්තෙ ඒකටය්.

  2. Manel says:

    Good opportunity to show your determination to get rid of corruption Mr presdident.

  3. AJ says:

    A Litmus test for Mr. President ?

  4. kamalin says:

    Sajin Wass will be in trouble I think.

  5. Dilum gajaba says:

    Rohitha bogollagama Sajin vaas in action

  6. Open mind. says:

    පඩිපෙළ නීතිඥ ඕකට මොකක් හරි හරුපයක් කියාවි. අප්පුඩි ගහන්න සූදානම් ද

  7. sl says:

    මුන් හැම එකාම කෙලින්නේ බදු වලින් /ණය වලින් ලැබෙන පොදු අරමුදල් වලට. නැතිව අම්මගේ අප්පාගේ බුදලේකට නෙවි නේ…හොරා කාල එවයි කාල කාල බීල ඉන්නේ හරියට තමන් හම්බ කරපුවයින් කනවා වගේ.
    ඕවයේ ප්‍රතිපල තියෙන උන් තවමත් ජීවත්වෙනවා කටක් ඇරගන්න බැරිව .අන්ත දුක් විඳිමින් …

  8. Daham says:

    විධායකගේ බිරිඳ උෂා චන්ද්‍රසේන විය හැක .

Main News