දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..
May 19, 2020 at 8:02 am | lanka C news
“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්; එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන බව කී ජනාධිපතිතුමා සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව පෙන්වා දුන්නේය. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබේ. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වී ඇත. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන. මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළයුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිතුමා සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. “ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කරන්න. තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පොළඹවන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.
සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ආයතන වල වගකීම අකුරට රට හරි අතට!
Katath nathi, wadath nathi, wada bari Tarzan.
Katath nathi SAJITH, wadath nathi SAJITH, wada bari Tarzan SAJITH
Good move. We though that hadda will take over. Anyone knows now where is he?
දේශපාලනය තියෙන්නෙ ගුවන්විදුලියෙ විතරක් නෙවිනෙ විශේෂයෙන් ස්වාධීන රූපවාහිනියෙ ඉන්න ඵන ඵන ආණ්ඩුවට කඩේ යන කොයිතරම් නම් හොරකම් කරලා ඒවා ඔප්පුවෙලා හත්වතාවක් විතර අයින් කරලා ආයෙමත් ආයෙමත් බලයෙ ඉන්න හැම ආණ්ඩුවකම කවුරුහරි දේශපාළුවෙකුට කියල ඒ තනතුරටම ඵන විජේසිංහ කියන කම්බ හොරා ,ඵතන ඉන්න සංජීවනී ඈපා ,සංජීව නෝනිස් ,අට පාස් නැති හොර සහතික වලින් සාමාන්‍යාධිකාරී තනතුරක ඉන්න හර් ෂ ධනංජය වගේ හොරු රැළ මේ රජයේ මාධ්‍ය ආයතන වලින් අයින් කරනකම් මේ ආයතන කොහොමද දියුණු කරන්නේ .මුන් කරල තියෙන සමස්ත පාඩුව මේවන විට කෝටි ගණනක් ….!!!
දේශපාලනය තියෙන්නෙ ගුවන්විදුලියෙ විතරක් නෙවිනෙ විශේෂයෙන් ස්වාධීන රූපවාහිනියෙ ඉන්න ඵන ඵන ආණ්ඩුවට කඩේ යන කොයිතරම් නම් හොරකම් කරලා ඒවා ඔප්පුවෙලා හත්වතාවක් විතර අයින් කරලා ආයෙමත් ආයෙමත් බලයෙ ඉන්න හැම ආණ්ඩුවකම කවුරුහරි දේශපාළුවෙකුට කියල ඒ තනතුරටම ඵන විජේසිංහ කියන කම්බ හොරා ,ඵතන ඉන්න සංජීවනී ඈපා ,සංජීව නෝනිස් ,අට පාස් නැති හොර සහතික වලින් සාමාන්‍යාධිකාරී තනතුරක ඉන්න හර්ෂ ධනංජය වගේ හොරු රැළ මේ රජයේ මාධ්‍ය ආයතන වලින් අයින් කරනකම් මේ ආයතන කොහොමද දියුණු කරන්නේ .මුන් කරල තියෙන සමස්ත පාඩුව මේවන විට කෝටි ගණනක් ….!!!
Do not be hurry….. One by one ….. One By one….
Good selection. Mr Jagat Wickramasinghey will do something for the Radio
ගරු ජනාධිපතිතුමනි,
විදුලි බල මණ්ඩලයේ සේවයෙක් වූ යු.ඩී ජයවර්ධන ප්‍රමුක නඩය විදුලි බල මණ්ඩලයේ වත්කමක්වූ ආයතනයේ LTL කොටස් වංචනිකව කූට ආකාරයෙන් හිමි කර ගැනීම පිළිබඳව සොයා බලන්න.