දේශපාලන අධිකාරිය හරහා පැයකට 100කට එන්නත ලබා දීමට දැනුම් දී තියෙනවා…- ජොන්ස්ටන්

May 27, 2021 at 6:48 pm | lanka C news
දේශපාලන අධිකාරිය හරහා පැයකට 100කට එන්නත ලබා දීමට දැනුම් දී තියෙනවා…- ජොන්ස්ටන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව ලබා දීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අද දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක විය.

එම මාත්‍රාව ජනතාවට ලබා දෙන ආකාරය පිලිබදව සොයා බැලීම සදහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කය පුරා නිරික්ෂණ චාරිකාවක අද දින නිරත විය .

එම නිරීක්ෂණ චාරිකාව අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සදහා මේ වන විට සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් අප වෙත ලැබී තිබෙනවා අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි සියළු දෙනාට පලමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා . අපිට ලැබී තිබෙන සංඛ්‍යාලේඛන වලට අනුව මේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ලක්ෂ 11 ක් පමණ සිටිනවා . අපි අදියරෙන් අදියර සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා.

අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා පලමු මාත්‍රාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙන්න. අපේ ඉලක්කයට අද අපිට යන්න බැරිවුනොත් හෙට දිනයේ අනිවාර්යෙන්ම අපි එන්නත දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ලබා දෙනවා. දේශපාලන අධිකාරිය හරහා පැයකදි පුද්ගලයින් 100 කට එන්නත ලබා දීමට දැනුම් දීලා තියෙනවා. අපි ඒසේ තීන්දු කලේ අනවශ්‍ය තෙරපීම් , පොරකෑම් අවම කිරීම සදහායි . අපි පළාත්භාර වෛද්‍ය අධ්‍යක්ෂතුමාට කතා කරලා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කණ්ඩායම් උපරිම ප්‍රමාණයක සේවාව මේ දිස්ත්‍රික්කයට ලබා දෙන්න මේ වන විට තීන්දු තීරණ අරගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 28ක සහ නගර සභා සීමාව තුළ එන්නත්කරණය සිද්ධ සිද්ද කරනවා. ජනතාවගෙන් මෙයට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ජනතාවගෙන් ඉල්ලන්නේ කිසිසේත්ම බිය වන්නට එපා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එන්නත් ලබා ගැනීමට පැමිණෙන සෞඛ්‍ය අංශ ලබා දෙන ලිපි ලේඛන පිරවීමට පෑනක් රැගෙන එන්න කියලා . මීටරයක දුරින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපදින ලෙස මම ජනතාවගෙන් කැරුණිකව ඉල්ලා සිටිනවා . ඉදිරියේදී තවත් නව එන්නත් ලැබීමට නියමිතව තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සාකච්ඡා කරලා මේ දේවල් අපිට ලබා දීලා තිබෙනවා. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබ සැම විශ්වාසයන් යුතුව කටයුතු කරන්න. ඔබගේ උපරිම සහය සෞඛ්‍ය සේවා නිළධාරීන්ට ලබා දෙන්න කියලා .

මම සමාජ මාධ්‍ය තුල දැක්කා විල්බැරෝ අරගෙන බඩු ගන්න යනවා . මේක මේ විපක්ෂයේ බංකොලොත් කම පෙන්වන නාට්‍යක් . විපක්ෂයේ අය තමයි සංචරණ සීමා කඩන්න කියන්නේ. විපක්ෂයේ අය මේ දේවල් වලට සම්පූර්ණයෙන් වග කියන්න ඕන. විල්බැරෝ අරගෙන විහිළුවට ලක් කරන්න හදන්න විපක්ෂයේ දේශපාලඥයින්. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි කියන්නේ මේ අවස්ථාවේදී දේශපාලනය කරන්න එපා කියලා. කොවිඩ් හැදෙන්නේ දේශපාලන පක්ෂ දිහා බලලා නොවෙයි. සියළු දෙනාටම පරිස්සම් නොවුන හොත් මේකට මුහුණ දෙන්න වෙනවා . ස්වභාවධර්මය විසින් මුළු ලෝකයේම ජනතාව අභියෝගයකට ලක්කරලා තියෙන මොහොතක්. එම නිසා මේ අවස්ථාව විහිළුවට ලක් කරන්නේ නැතුව බේරෙන්න කටයුතු කරන්න. අපි දැක්කා හරීන් ප්‍රනාන්දුගේ ගෝලයෙක් විල්බැරෝ එකක් තල්ලු කරන් ගිහින් බඩු ටික වාහනයකට දාලා පටවගෙන යනවා. විපක්ෂය මේ වගේ දේවල් තමයි මහජනතාවට දෙන ආදර්ශ . මේ අයුරින් ම තමයි පහුගිය අවුරුදු පහේදී ආණ්ඩුව කෙරුවේ. මිනිස්සු මැරුනම හිනාවෙවී හිටියා ආණ්ඩුවක්. අපි ඔවුන්ට කියන්නේ විහිළුවට ලක් නොකර ආදර්ශමත් ව විපක්ෂයක් හැටියට කටයුතු කරන්න කියලා.

සංචාරණ සීමා අපි ලිහිල් කරන්නේ මිනිස්සුන්ට භාණ්ඩ ගන්න අවශ්‍ය නිසා. ජංගම සේවාවන් උපරිමෙන් තිබුණත් ජනතාවගේ වෙනත් අවශ්‍යතාවන් තියෙනවා. බැංකු කටයුතු වලට ඔවුන්ට එළියට යන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව හැම දෙයක්ම බලලයි කටයුතු කරන්නේ. වාහනවලින් එන්න තහනම් කරේ ඔවුන් දුර ගමන් යනවා. ඒ වගේම පවුල් පිටින් වාහන වල එන්න ගන්නවා. අපි ඒක නිසා තමයි ළඟම තියෙන වෙළඳසැලට පවුලෙන් එක් අයෙකුට යන්න කියලා කිව්වේ. එය විහිළුවකට ලක් කරන්න එපා. ඒක රටේ ජනතාව දිහා බලලා ගත්ත තීන්දුවක්. සංචාරණ සීමා සම්පූර්ණයෙන් ලිහිල් කරානම් අපි ගත්ත ක්‍රියාවලියේ කිසිම ඵලයක් නෑ. ජනතාවගේ පැත්තෙන් තීන්දු තීරණ ගත්තම ජනතාවගේත් වගකීමක් තියෙනවා. විශේෂයෙන් විපක්ෂයට කියන්නෙ වැරදි මත අහිංසක ජනතාව අතරට යවන්න එපා කියලා.අපි විපක්ෂයට කියනා තමන්ගේ ගෝලබාලයෝ ටික හරියට හදාගන්න කියලා . අහිංසක ජනතාව උසිගන්වන්න එපා කියලා අපි විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා . අහිංසක ජනතාව බිල්ලට දෙන්න එපා . දේශපාලනඥයින්, මාධ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, ජනතාව මේ සියල්ලන්ගෙන්ම අපි ඉල්ලන්නේ මේ ව්‍යසනයෙන් බේරෙන්න වගකීමෙන් කටයුතු කරන්න කියලා. වගකීමෙන් තොරව විහිලුවට ලක් කරලා මේ අය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද අහිංසක ජනතාවගේ ජීවිතයත් එක්ක මේ අය සෙල්ලම් කරනවා. අහිංසක ජනතාව මැරුණත් විපක්ෂයට ගානක් නැහැ. මම ලඟදිත් විපක්ෂයේ දේශපාලනඥයෙක් කියනවා දැක්කා කොවිඩ් කොවිඩ් කියලා හරියන්නෑ අපිට කන්න ඕන කියලා.ඒදා ඔවුන් කිව්වේ විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයින් ලබා දෙන උපදෙස් ජනාධිපතිතුමා පිළිගන්නේ නැහැ කියලා . රට වහන්න කිවුවහම වහන් නෑ කියනවා. ජනාධිපතිතුමා කිසි දෙයක් පිළිගන්නේ නැහැ කියනවා. වහනකොට එකක් කියනවා වහන් නැති උනහම තව එකක් කියනවා. අපි දේශපාලනය ඡන්ද කාලයේදී කරමු. එන්නත් ලබාදෙන ක්‍රියාවලියට දේශපාලනය ගාවගන්න එපා. මුළු මහත් ජනතාවට ම එන්නත ලබා දෙනවා. මේ දේවල් දේශපාලනයට ඇද ගන්න එපා කියන ඉල්ලීම තමයි අපි මේ බංකොලොත් වෙච්ච ජනතාව බිල්ලට තියලා හොරකම් කරපු විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

43,247 views

22 Comments to “දේශපාලන අධිකාරිය හරහා පැයකට 100කට එන්නත ලබා දීමට දැනුම් දී තියෙනවා…- ජොන්ස්ටන්”

  1. දම් බලකාය says:

    වයස 30 වැඩි ජනතාවගේ ජන්දයෙන් පත් වු ආණ්ඩුව( 20 ත් 30 අතර තරුණ යන්ගේ ලබන ජන්දයේ දි අවධානය පිණිසයි)

  2. SL says:

    මේක මොකා කරත් දේශපාලනය හෝ PHI පාලනය ,දොස්තර පාලනය හෝ මොනයම්ම ආකාරයක හොර මගඩි වෙනවා.
    PHI ල දන්නා උන් කලින් ගහගන්නවා,
    දොස්තරල දන්නා උන් කලින් ගහගන්නවා
    දේශපාලකයා දන්නා උන් කලින් ගහගන්නවා .

    මොන ප්‍රශ්නේ තිබුනත්, මොකා දන්නවා උනත් , තමන්ගේ වෙලාව එනකන් පිළිවෙලට ගන්න ඉන්න උන්ට බොහෝ විට ලැබෙන්නේ අන්තිම පෝලිම.

    කඩේකට ගිහින් කොවිඩ් දුර තියාගෙන හිටියහම වෙන එකෙක් ඇවිත් බඩු අරගෙන යනවා ,ඒවාට රණ්ඩු වෙන්න හිතෙනකොටත් හරි කලකිරීමක් දැනෙනවා .

  3. panchayudaya says:

    දේශපාලන අධිකාරිය හරහා පැයකට 100කට එන්නත ලබා දීමට දැනුම් දී තියෙනවා…මම සමාජ මාධ්‍ය තුල දැක්කා විල්බැරෝ අරගෙන බඩු ගන්න යනවා . මේක මේ විපක්ෂයේ බංකොලොත් කම පෙන්වන නාට්‍යක් . විපක්ෂයේ අය තමයි සංචරණ සීමා කඩන්න කියන්නේ. විපක්ෂයේ අය මේ දේවල් වලට සම්පූර්ණයෙන් වග කියන්න ඕන. විල්බැරෝ අරගෙන විහිළුවට ලක් කරන්න හදන්න විපක්ෂයේ දේශපාලඥයින්. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි කියන්නේ මේ අවස්ථාවේදී දේශපාලනය කරන්න එපා කියලා. – ජොන්ස්ටන්
    May 27, 2021 at 6:48 pm | lanka C news

    ආණ්ඩුවේ ඇමතිවරු කයිවාරු නම් ගමකට කෙලිනවා,නමුත් ඇස්ට්‍රොසේනිකා පළමු මාත්‍රාව ගහපු අයට ,දැන් නියමිත කාලයත් පැනල තවම 2 වන මාත්‍රාව නැහැ.ඔල මොට්ටල ආණ්ඩුවට බැරි උනා ලැබුනු එන්නත් තොගයෙන් හරි අඩක් පමණක් පලවෙනි මාත්‍රාව ලෙස දී අනික් හරි අඩ දෙවන මාත්‍රාවට තියාගන්න.මේ ගැන මම හිතන්නේ ඉදිරියේදී ජනතාව අධිකරණයේ නඩු පවරාවි.

    මාරාන්තික වසංගතයක් රටේ තියෙද්දී,දිනකට කොරෝනා මරණ 4000 ඉක්මවා සිදුවෙමින් ඉන්දියාව විශාලාමහනුවරක් වී තියෙන හැටි දැක දැකත්,වෛද්‍ය විද්වතුන් බැගෑපත්ව කියද්දී,පොහොට්ටුවේම කෙනෙක් වූ වෛරස් විශේසඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් දැඩි ලෙස අනතුරු අඟවද්දී රට සති 02 කට එක දිගට නොවැසුවොත් මිනිස්සු මැරිලා වැටෙයි කියල,ඔබේ ආණ්ඩුවේ කොරෝනා රාජ්‍ය ඇමතිවරියත් කියද්දී රට නොකඩවා සති 02 ක් වහල තියන්න ඕන කියල,ඔබටවත් මහින්ද අගමැතිතුමාටවත් ,ආණ්ඩුවටවත් ,නන්දසේන ජනාධිපතිතුමාටවත්,හමුදාපතිටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ රට නොකඩවා සති 02ක් නොවසා පිස්සු කෙලින්නත්, රට වහල තියෙද්දී මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල වැඩ කරන්නත්,ඔබටත්,මහාමාර්ග ලේකම්ටත්,ජනපති ඇතුළු ආණ්ඩුවටත් වැටහෙන්නේ නැද්ද මාර්ග හැදීම අත්‍යවශ්‍ය සේවාවක් නොවෙයි කියල.ඉතාම හදිසි අත්‍යවශ්‍ය මාර්ග නඩත්තු වැඩක් පමණයි අත්‍යවශ්‍ය සේවා ගණයට වැටෙන්නේ.ඔබලා කොරෝනා ව්‍යාප්තියට උදවු වෙන බොහෝ දේ කරමින් විපක්ෂයට දොස් නැගීම සම්පුර්ණයෙන් වැරදියි.මාරාන්තික වසංගතයක් රටතුල තියෙනවිට 100% ක්ම වෛද්‍ය විදවතුන්ගේ මතය අනුව ක්‍රියා කල යුතුයි.එය වෙනස් කරන්න 7 පාස් චන්ඩි ඇමතිලාටවත් ජනපතිටවත් බැහැ.මෙය ජනතාවට වසංගත වලින් බේරී නිදහසේ හුස්ම ටික ගන්න තියෙන මුලික අයිතිය අනියම් ලෙස නැති කිරීමක් නිසා ඉදිරියේදී ජනතාව අධිකරණයේ නඩුත් ගොනු කරාවි.දැනටමත් බැසිල් කොරෝනා අපට බෝවෙනවද බලන්න අසාදිතයින් ඉන්න යුක්රේන් වලින් සංචාරකයින් ගෙන්වීමටත් ,තවත් කරුණු ගණනාවකටත් එරෙහිව උලපනේ සුමංගල හිමියන් විසින් ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.ඔබලාට රට බාර දුන්නේ වසර 05 කට පමණයි.මේ රට කියන්නේ ඔබලාගේ අම්මගේ අප්පාගේ බුදලයක් නොවෙයි.රට අයිති ජනතාවටයි.ජනාධිපතිතුමාට ඕන විදියට වැරදි තීරණ අරගෙන රට පාලනය කරන්න බැහැ රටේ වසංගත තත්වයකදී.එහිදී වෛද්‍ය මතයයි ඉහලින් ඉන්නේ.රට වැහුවම මතුවන ගැටළු වලට විසඳුම් ලබාදීම ජනාධිපති ප්‍රමුක ආණ්ඩුවටත් රාජ්‍ය නිලධාරීන්ටත් අයිති වැඩක්.මෙවුවට එරෙහිව නියත වශයෙන්ම මීළඟ ජනාධිපති, ජනාධිපති කොමිසමක් පත්කරාවි,එවිට වැඩේ එතරම් පහසු වෙන එකක් නැහැ ,දැන් වගේ නිදොස් කොට නිදහස් කරන්න ටිකක් අමාරු වේවි.

  4. Truth says:

    As Sri Lankan people really proud of you keep up the good work. I hope in your list my name is included. I can remember the titanic story now rich and power people escape poor die.
    My this government stay long another 100 years.

  5. සෙරෙප්පු සුප් says:

    මේ කොරෝන එන්නත් හොයා ගත්තෙ දේශපාළණ අධිකාරියද?
    එහෙම නැත්නම් දේශපාළකයින්ට හා උන්ගෙ හෙන්චයියලාට විතරද කොරෝන හැදෙන්නෙ?
    එහෙමත් නැත්නම් මේ දේශපාළණය කියන්නෙ කොරෝනාවලටත් වඩා භයානක වසංගතයක්ද​?
    මේකෙන් තුන්වෙනි එක තමයි හරි උත්තරේ.

  6. 3% ට බය බයියා. says:

    දුවව කූඩැල්ලා කෑවේ සංචරණ නීති කැඩුව නිසා ද? කොරෝනා ලංකාවට ගෙනාවේ විපක්ෂය ද?

  7. gamarala says:

    How to give 50000 to 1,100,000?

  8. SAMAN says:

    Kata ariyama modakama saha kuhakakama ismathuwenawa!

Main News