දේශපාලන අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක අමතර වැය බරක්..
December 8, 2018 at 8:40 am | lanka C news
වත්මන් අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් එක්වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පල කරමින් ඔහු මෙසේද කියා සිටියේය.
“පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුව අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අර්බුදය දින හතකින් විසඳන බව. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එතුමා චෝදනා කළේ. එතුමා විසින් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.
එකක් තමයි, මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයො විසින් ලබා දී ඇති බව. දුගී දුප්පත් ජනතාවට නම් මේක එක වේලක් කෑමට වැය වන මුදල. ඒ නිසා මේ ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි.
ඇත්තටම මේ අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු එය නිර්මාණය කළේ රටේ ජනාධිපති අපේක්ෂකයා වීමේ අරමුණින්. ඒ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස. ඒ වගේම පසුගිය 14,15, හා 16 දිනවල, පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් රාජපක්ෂ කල්ලියත් ප්‍රකාශ කළේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනි බව. මුලින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවන බව. දෙවනුව ප්‍රකාශ කළේ හැන්සාඩ් වාර්තාව නිකුත් වූ පසු, එය වෙබ් අඩවියෙන් සියලු දෙනාට දැන ගන්නට සැලසුණු පසු එය කූට ලේඛනයක් බව.
කූට ලේඛන පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන චරිත කිහිපයක් විසින් තමන්ට උප්පැන්න සහතික හොරට හදපු අය, තමන්ගේ නොවන චෙක්පත් වලින් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය, විවිධ අය වෙනුවෙන් ඇටෝනි බලපත්‍ර අරගෙන ඒවායින් ප්‍රකෝටි ගණන් ධනය උපයාගත් තක්කඩි රැලක් තමයි මේ කූට ලේඛන ගැන ජනතාවට කරුණු දක්වමින් ඉන්නේ. දැන් ඒ උගුලේ මහින්ද රාජපක්ෂ මහතාත් හසුවී හමාරයි.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයත් අප විසින් දිගින් දිගටම පුන පුනා ප්‍රකාශ කළ දේ, එනම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් සහතික කොට තිබෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අතුරු තහනම් නියෝගය මගින් කිසියම් දුරකට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කොට තිබෙනවා.”
– මාධ්‍ය ඒකකය ජාතික හෙළ උරුමය
මාක්ස්වාදයෙන් ජාතිකත්වයට, ජාතිකත්වයෙන් පරගැතිකමට මාරැවෙච්ච එකා ඒපාර ආර්තිකය ගැන දෙසා බානවා.
බටහිර තානාපති සහ ඉන්දියාවේ ඕනෑකමට පාර්ලිමේන්තුවේ විකාර නාට්‍යක් රඟදක්වමින් මැතිවරණයක් වෙත ගමන්කරමින් තිබු රට අව්ලකට ඇද දැමූ කතානායක, UNP , NGO , TNA , JVP ඊට වගකිවයුතුයි. ඊළඟ චන්දෙදි ඒකට ගෙවන්න සුදානම් වෙයල්ලා. උසාවි තීන්දුව කුමක් වුනත් තොපි ඉවරයි.
අර්ධ සත්‍ය කියන්නේ පට්ටපල් බොරුවලටත් වඩා ලොකු බොරු වලටයි.
1. ලෙස්ටර්ගේ පින්තුරේ විකෘති කර කුඨ ලේඛන සැදීමේ බොරුවට මාස 3 ක් ඇප නැත. එයින් බේරීමට බලයේ සිටීමට උත්සාහ කිරීම පාච ගේ උත්සහයයි.
2. අභියාචනාධිකරණයේ තීන්දුව අගමැති සහ ඇමති මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත් හිටුවීමයි. එයින් කියවෙන්නේ නැහැ අගමැති සහ ඇමති මණ්ඩලය නීතියානුකුල නැහැ කියල. ඒ තීන්දුව දෙනතෙක් ඉවසගෙන ඉන්න බැරි UNP ඇතුලේ ප්රතිවිරෝධතා වැඩිවෙන නිසා නේද?
3. රනිල් ඉවත්කිරීම නීත්‍යනුකුල නොවේනම් ඔක්තෝබර් 27 දාම අධිකරණයට නොගියේ ඇයි.
බොරුවෙන් උපන් යහපාලනය බොරුවෙන් වසර 3 ක් ගෙවා බොරුවෙන්ම මකබෑවෙනවා සත්තයි.
(අතී දීර්ඝෝ මහා මෘගන්)
චම්පකය වගේ බොරැවෙන් සහ වංචාවෙන් සහ ප්‍රෝඩාවෙන් ජීවත්වෙන එකෙක් තවත් මෙරට ඉන්නවද?
ayi lekam amarapalage panama ginumen oya janatha nayay gewanda barida.
බහුතර කැමැත්ත තියෙන මිනිහෙකුට කරගෙන යන්න නොදී රට වනාශ කරල බයියො බයිල කෙලිනව. බටහිර රටවල් වල උවමනාවටද යකුනේ තිබුනු ආණ්ඩුල එලෝල බහුතරය නැති මිනිහෙක් අගමැති කලේ. ගොන් තකතීරු වැඩකරල කෙලවුනාම බරහිරයි, ඉන්දියාවයි, TNA එකයි තමා වැරදි.
Parliament majority maintain by Central Bank Scam funds. But jenuin majority you can see if genenaral election.
Bshutare thiyena ekata kohenda yako balaya deela thiyenne Janadhipathiwa maranna kumanthranaya karanna.
පොඩි බ්ය්යටත් චම්පකයාලාට වගේ සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් දැනෙන්නේ නෑ,කාගේ ලිස්ට් එකෙන්ද පඩි ගන්නේ පොඩි බය්යෝ?
පොඩිබයියා මුදල සොයන්නේ උගෙ අම්මගේ ඉස්සරහා පැත්ත බදු දීලලු, චම්-පකයා ගිනුමෙන් බදු ගෙවනවා කියලා හීන් බබා නරුම කරුමයා කියනවා කොලඹ එලිමහන් වේදිකාවේ ඊයේ කතා බහ ඒකයි
Rata,Jathiya,Agama vinasakarana boru helaya nohoth val pachaya.