දේශපාලන ක්ෂේත්‍රය මේ සතියේ තීරණාත්මකයි..- රාජිත

January 22, 2017 at 4:05 am | lanka C news
දේශපාලන ක්ෂේත්‍රය මේ සතියේ තීරණාත්මකයි..- රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වලින් කළුතර දිස්ත්‍රීක්කයේ දහම් පාසල් 25 කට අවශ්‍ය උපකරණ, විහාරස්ථාන 32 ක් සදහා පහන් ටැම් පුජා කිරීම, ස්වෙිචිඡා සමිති 11 කට පුටු පරිත්‍යාග කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවෙි කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘ඉදිරියේ දී ඇතිවන නියඟයට මුහුණ දීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිඛෙනවා. සෑම දිස්ත්‍රීක් ලේකම්වරයෙකුටම රජය විසින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී අවසන්. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල පහසුකම් සැපයීම සදහා ජල බවුසර 15 ක් ලබාදී ඇති අතර, ඉදිරියේ දී තවත් ජල බවුසර 05 ක් ලබාදීමට නියමිතයි. එමෙන්ම ජල ටැංකි 250 ක් ලබාදී ඇති අතර, ඉදිරියේ දී තවත් ජල ටැංකි 150 ක් ලබාදීමට පියවර ගෙන තිඛෙනවා. ක්ෂණික සහන සැළසීෙමි කටයුතු සදහා දිස්ත්‍රික් ලේකම්වරයාට රුපියල් මිලියනයක් ලබාදී තිඛෙනවා. වසර දෙකක් තුල යහපාලන රජය ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ජනතාවට ලබාදී තිඛෙනවා. වර්තමානයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විෙවිචනය කිරීමටත්, ජනතාවට අයිතිය හිමි වී තිඛෙනවා. ජනතාවට 2015 ජනවාරි 08 වනදායින් පසු ලබාදුන් සහන ඇතැම් අයට අද අමතක වෙලා. රාජ්‍ය සේවක වැටුප් පසුගිය ජනවාරි මස 01 දින සිට රුපියල් 5000 කින් වැඩි වී තිඛෙනවා.

දේශපාලන ක්ෂේත්‍රයේ ලබන සතිය තීරණාත්මකයි. ජනාධිපතිවරයා විසින් ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ප්‍රකාශ කිරීමට නියමිතව තිඛෙනවා.

කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් සිදු කිරීම ජනවාරි 01 සිට මම තහනම් කළා. අනෙකුත් සියළුම රෝහල්වලටත් එය වලංගුයි. කොළඹ ජාතික රෝහලේ පමණක් ගත වූ දින කිහිපය තුළ රුධිර පරීක්ෂණ සිදු කිරීම සියයට 50 කින් වැඩිවී තිඛෙනවා. මෙම තීරණයත් කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ මොකද ව්‍යාපාරික මාෆියාව නිසා. එම ව්‍යාපාරික මාෆියාවට මම යටත් වෙන්නේ නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ඔක්තෝබර් මාසයේ දී දුම්කොළ භාවිතය පිළිබද වාර්තාවක් නිකුත් කළා. එම වාර්තාවට අනුව දුම්බීමෙන් රෝගීවන ජනතාව සදහා ලෝකය පුරා වසරකට ඩොලර් ට්‍රිලියනයක් වැය කරන බව පෙන්වා දුන්නා. නමුත් ශ්‍රී ලංකා රජය ලැඛෙන බදු ආදායම ගැන නොසිතා දුම්බීම අවම කිරීමට කටයුතු කර තිඛෙනවා. දුම්කොළ සමාගම පසුගියදා ප්‍රකාශ කළා තමන්ගේ අලෙවිය සහ අදායම සියයට 45 කින් අවම වී ඇති බව.”

– නිපුන් ඒකනායක

0 views

3 Comments to “දේශපාලන ක්ෂේත්‍රය මේ සතියේ තීරණාත්මකයි..- රාජිත”

  1. නිවටයා says:

    “වර්තමානයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විෙවිචනය කිරීමටත්, ජනතාවට අයිතිය හිමි වී තිඛෙනවා.“

    අනේ හුකේ කොච්චර විවේචන කලත් වැඩක් තියෙනවද බං උන්ට ලැජ්ජා බය නැත්නම්.

  2. Nareen says:

    Raajitha mahathmayo, Oya gamanma Dadi sathkaara ekakaye nirvindana vaidyavarunge maapiyaava vanasaa dameemata katayuthu kaloth PIN.

  3. රටවැසියා says:

    මූ කියන බින්න කවුද අහන්නෙ

Main News