දේශපාලන පලිගැනීම් නවතනු.. විමල් නිදහස් කරනු.. – හෙට විරෝධතා..
January 15, 2017 at 5:30 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා වහා නිදහස් කරන ලෙස රජයට බල කරන විරෝධතාවයක් හෙට කොටුව දුම්රිය පල ඉදිරිපිදී පැවැත්වෙයි.
ඒකාබද්ද විපක්ෂයේ මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් විසින් මෙම විරෝධතාවය පවත්වන අතර දේශපාලන පලිගැනීම් නවත්වා වීරවංශ මන්ත්රීවරයා නිදහස් කරන්නැයි එහිදී ඔවුන් ඉල්ලා සිටිති.
හෙට පස්වරු 03.00ට කොටුව දුම්රියපල ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙයි.