දේශපාලන බලවතෙක් ගංවතුරෙන් අවතැන්වූවන්ට කුණුහරුපෙන් බැන ගහන්නත් පනී..
May 28, 2017 at 9:20 am | lanka C news
ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා සිටින මල්වාන ලෙනගම්පල පන්සලට ඊයේ පස්වරුවේ පැමිණ ඇති එජාප දේශපාලන ප්රබලයෙකු එහි සිටි අවතැන් පිරිසකට පහර දීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
රජයෙන් ආධාර ලැබීම මෙතරම් ප්රමාද මන්දැයි ප්රදේශවාසීන් විමසද්දී මෙම දේශපාලකයාට දැඩි විරෝධතාවක් එල්ල වූ අතර ඉන් කෝප වූ ඔහු පරුෂවචනයෙන් බැනවදිමින් අවතැන් වූවන්ට පහර දීමටද උත්සාහ කර ඇත.
ඔහු ගෙනා සහල් මිටි කිහිපයක් ඇතුළු දේ බාර ගැනීම අවතැන් වූවන් විසින් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඒවාද විසිකර දමා ආපසු යන්නට ගොස් තිබේ.