දේශපාලන යෝධයෝ යැයි පාරම් බෑ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන්..

July 20, 2020 at 8:02 am | lanka C news
දේශපාලන යෝධයෝ යැයි පාරම් බෑ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන්..

දේශපාලන යෝධයෝ යැයි පාරම් බෑ දේශපාලකයින් මෙවර මැතිවරණයේ නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මොණරාගල මැදගම ආර්. එම්. ගුණසේන ක්‍රීඩාංගනයේ පැවැති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය රනිල් – සජිත් ලෙස දෙකඩ වීම හරහා මේ වන විටත් පරාජය පිළිගෙන ඇති බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලකයින් ජනතාවට සේවය නොකර තමන්ගේ දියුණුව පමණක් සලසා ගැනීම නිසා ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උදාවි තිබේ.  එවැනි දේශපාලකයින්ට මෙවර ජනතාවගේ ඡන්දය කිසිසේත් හිñ නොවන බව එම දේශපාලකයින්ම අවබෝධ කරගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වූ බලපෑම් නිසා ජයග්‍රාහී නෙළුම් පොහොට්ටුව ලාංඡනය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණය විජයග්‍රහණය කිරීමට පොහොට්ටුව පක්ෂය සමත් විය.

අලුත් පක්ෂයක් බිහි කලොත් රාජපක්ෂවරු මහ පාරේ ඇවිද්දනවා යැයි කියූ අයද එක් කරගෙන මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ රට සංවර්ධනය කරා ගෙන යමින් ආර්ථිකය දියුණු කර නව පරිච්ඡේදයක් බිහිකිරීමට සහ රටේ දේපල විකුණන එජාපයට එරෙහිව නව බලවේගයක් ගොඩනැංවීමට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනාගත පරම්පරාව වෙනුවෙන් නව කර්මාන්තශාලා ඉදිකිරීම, කෘෂිකර්මාන්තය ඇතුළු බෝග වගාවන් දියුණු කිරීම, තාක්ෂණික අධ්‍යාපන අවස්ථා හරහා රැකියා අවස්ථා බිහිකිරීම ඇතුළුව වගකිම් සහගත ආකාරයෙන් රට දියුණුව කරාගෙන යාමේ සැලසුම් මේ වන විටත් සකස් කර ඇතැයිද මෙහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– සිසිර මුණසිංහ

110 views

11 Comments to “දේශපාලන යෝධයෝ යැයි පාරම් බෑ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන්..”

  1. Worker.comm says:

    ජාතියේ ග‌ෙල අඹරවමින් හුස්ම හිරකරවමින් අමානුෂිකව නිර්ලජ්ජිතව බියගුලුව ක‌ෙරීග‌ෙන යන විදේශණය ග‌ෙවිල්ලත් තව තව ණය ගැනිල්ලත් නවතා දැමීම‌ෙන් තොරව ක‌ෙර‌ෙන හැම ද‌ෙයක්ම නිෂ්ඵල ම‌ෙන්ම ජනතාව තවදුරටත් රැවටීමකි.
    මිලියන ගණනක් වූ සමස්ථ ජාතියක ග‌ෙල තවතවක් ණය උගුලේ හිර කිරීමට උදව් වන්නා අළුගෝසුව‌ෙකුටත් වඩා පිලිකුල් සහගතය.හේ ජාතියේ ග‌ෙල හිරකරන ගමන් හ‌ෙට ඉපද‌ෙන පරපුරේ ප‌ෙකනි වැල පාගා දමයි.
    වසර දෙදහස් පන්සියක ඉතිහාසයක් හිමි ශ්‍රේෂ්ඨ ජාතියක් මේ ජාති බ්‍රෂ්ඨයන් අතලොස්සකට වළලා දමන්නට ඉඩ නොතබමු.මේ ද‌ෙරණේ මිහිදන් වී සිටින අපගේ මුතුන්මිත්තන්ගේ අභිමානය රැකීමේත් ප්‍රාර්ථනා ඉටුකිරීමේ වගකීමත් හ‌ෙට උපදින මතු පරපුර ව‌ෙනුව‌ෙන් වගකීම පැටවී ඇත්තේත් මේ මොහොතේ ජීවත්ව සිටින අපටයි.
    තවත් මැතිවරණයක් යනු හොඳ ආණ්ඩුවක්,හොඳ පාර්ලිමේන්තුවක් පිලිබඳව බොරැ බලාපොරොත්තු ඇතිකර ජනතාව රවටන ප්‍රයෝගයයි.

    • Worker.comm says:

      ණය නිසා ජනතාවට මරණය රටේ සුපිරි ස්ථරයට රමණය.
      රටේ සුපිරි ස්තරය වන ආර්තික බලය හා දේශපාලනික බලය හොබවන ප්‍රභූ පවුල් කීපයක්ද,රජයේ හා හමුදාවේ,අධිකරණයේ ඉහල නිලධාරීන්ද, ආගමික නායකයින්ද,කුඩු ජාවරම් කාරයින් ඇතුලු විවිධ ජාවාරම් කාරයින්ද,පාතාලයේ ක‌ෙරැමන්ද අන්‍යෝනය සහජීවනයකට එළබ මේ රටත් අතිමහත් සාමාන්‍ය ජනතාවත් විනාශයට පත්කරමින් සිටී.
      ජීවයේ පැවැත්මට ඔක්සිජන් අත්‍යාවශ්‍ය සේම ම‌ෙම සුපර් ස්තරයේ පැවැත්මට අවශ්‍ය ද‌ෙයක් ඇත.ඒ විදේශ ණයයි.ඔවුන් තම ශ්‍රී විභූතිය,බලය,මැරකම මේ හැම ද‌ෙයක්ම පවත්වාගන්නේ මේ ගන්න ණය කුට්ටි පිටින් තමතමන් අතර බ‌ෙදී යන යාන්ත්‍රණයක පිහිට‌ෙනි. එම යන්ත්‍රණය එම ස්තරය අත පවතින,එම ස්තරය විසින් හොබවන ආණ්ඩු බලයයි.

      • Wasanth says:

        නිකම් බොරු ඇරිස්ටෝටල් ලා වගේ කියවන උඹලා හොඳයි මරණ ගෙවල් වල මලපොත් කියවන්න. ලෝකේ ණය නැති එක රටක් කියපන්. ඇමරිකාව යුද්ද කරන්නත් ණය ගත්තේ චීනෙන්. කොච්චර treasuary bills ගත්තද කියලා බලපන් චීන රජය. උඹලා ගේ මාක්ස් වාදය පුස්කාපු පාන්ගෙඩිය ක්‌ වගේ. තොපි ඒකෙ ඉන්න පුස් වගේ. රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩ කුත් නෑ

      • බුද්ධි says:

        “රටේ සුපිරි ස්තරය වන ආර්තික බලය හා දේශපාලනික බලය හොබවන ප්‍රභූ පවුල් කීපයක්ද,රජයේ හා හමුදාවේ,අධිකරණයේ ඉහල නිලධාරීන්ද, ආගමික නායකයින්ද,කුඩු ජාවරම් කාරයින් ඇතුලු විවිධ ජාවාරම් කාරයින්ද,පාතාලයේ ක‌ෙරැමන්ද අන්‍යෝනය සහජීවනයකට එළබ මේ රටත් අතිමහත් සාමාන්‍ය ජනතාවත් විනාශයට පත්කරමින් සිටී”
        අනික් ටික ක‌ෙසේ ව‌ෙතත් මේ ටිකනම් පරම සත්‍යය… අද ඇත්තටම රටේ ව‌ෙන්නේ ම‌ෙය තමා.

    • ඉත්තෑවා says:

      පිට රටින් ගෙන්වනන යන වියදමට වඩා පිට රටට අපනනයනය කරලා හොයන මුදල අඩු නම්, හොගය පියවන්න ණය ගන්න වෙනවා. නය නොගෙන ඉන්න නම් දේශීය නිෂ්පාදන වැඩි කල යුතුයි. දේශීය කර්මාන්තශාලා පුච්චලා, ව්‍යාපාරිකයින් මරා දැම්මේ ජෙප්පෝ. ජෙප්පෝ එහෙම කලේ ධනපතියන් නැති කරන්නලු. පේනවා නේද මුන්ගේ හබ්බ ගොන් ආර්ථික දර්ශණය. ජෙප්පෝ රටට ශාපයකි.

  2. Worker.comm says:

    අද ජාතික ප්‍රශ්නය වීදේශණය හා තට්ටු මාරැ ව‌ෙමින් පත්වන හැම ආණ්ඩුවක්ම ජනතාව මහදවල් මංකොල්ලකමින් එම ණය ගෙවාගෙන යාමත් ණය ගෙවීමට තවත් ණය වීමත්ය.ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවීමට ප්‍රධාන හේතුව පාලකයන් බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.ම‌ෙවැනි ආර්ථික අසාධ්‍යභාවයකින් බෙරීමට හැකි වී ඇති එකම මග ණය ගෙවා දැමීම නවතා දැමීම පමණි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපෙ,පෙරටුගාමීන් හා ආර්තික ඔස්තාර්ලාද ඇතුලුව) නොදැකීම හා කතා නොකිරීම පුදුම සහගතය…මේ හැමටම අභිරහස් ල‌ෙස විදේශ වලින් මුදල් ලැබ‌ෙන්නේ ඒ හැම ක‌ෙන‌ෙක්ටම බටහිර විසින් පවරා ඇති නිශ්චිත භූමිකාවක් ඔවුන් ඉටු කරන නිසාය.
    ගෝටාබය 2/3 ඉල්ලන්නේත් සජිත් ආණ්ඩුබලය ඉල්ලන්නේ්ත් ණය ග‌ෙවීමටත් තව තව ණය ගැ‍නීමටත්ය.
    ජනතාව ණය ග‌ෙවන ආණ්ඩු පලවාහැර ණය ගෙවීම අත්හිටවන,නවතන ජනහිතකාමී රජයක් පත් කර ගත යුතුයි.රටට මේ මොහෙතේ ඇති එකම විසදුම එයයි.

    • බුවා says:

      අපි සාමාන්‍ය මිනිස්සු ලෙසත් ණය ගන්නවා. හැබැයි ණය අරන්, ප්‍රයෝජනවත් දෙයක් කලොත් අපි දිවුණු වෙනවා. නැතුව ණය අරන් කාල බිල විනෝද උනොත් කෙලවෙනවා. සජී පුතනෝ හදන්නේ ණය අරන් කාල බිල විනෝද වෙන්න මිනිස්සුන්ට 20,000 ගානේ බෙදන්න. සජී පුතනොගේ බූරු වැඩ ගැන පොඩ්ඩක් සිහි බුද්ධියෙන් හිතල බලන්න.

    • BTJ says:

      හිටහං පොඩ්ඩක් ..අපි උඹට ද‌ෙන්නන් හොඳ උත්තරයක් – මීට BTJ (බයි,ටොයි,ජ‌ෙපි දවල් හතුරැ රෑ මිතුරැ “රට මිතුරන් අතරේ පමණයි” underground සන්ධානය)

    • හික් හිහි හි හි says:

      විදේශ රටවලින් ගත් ණය වලින් කොටසක් කෙලින්ම තමන් ට ගත් නායකයෙක් ගැන USA පත්තරේ ක දැක්කා

  3. රජරට බයියා says:

    හෙල ජාතික අභිමානේ
    වැඩු විරුවන් සේ පොරනේ
    දිනු මව් බිම සව්සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    ජනාධිපති ගෝටා මැතිදුනේ
    අගමැති මහින්ද මැතිදුනේ
    ඔබයි අපේ අභිමානේ
    ඔබ නිසයි අප දේශය රැකුනේ

    සබඳ අපි අපිමනේ
    මවු බිමේ අපි ඉපදුනේ

    එකතුවෙමු මිතුරනේ
    රකිමු දේශය පන මෙනේ
    එකට ඉමු සැම දිනේ
    පොහොට්ටුව දිනවමු සතුටිනේ

    මහින්ද මැතිදුන් අගමැති කරමින්නේ
    දේශය හා ජාතිය රකිමින්නේ
    අපි සැම දියුනුව ජීවත් වන්නේ
    හෙලදිවයිනට සරනයි සම්මා සම්බුදුන්ගේ

    හෙල ජාතික අභිමානේ ……//

  4. Saradiel says:

    ජාතික ලැයිස්තුව අතුගා දැමිය යුතුය

Main News