දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය ගෝටාභය දිනවන්න එක්වෙයි…

October 17, 2019 at 6:24 am | lanka C news
දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය ගෝටාභය දිනවන්න එක්වෙයි…

දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් හා ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් (16) කොළඹදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා එක්සත් ජාකිත පක්‍ෂය විදේශ බලවේගවල උවමනාවට කටයුතු කරමින් පවතින නිසා මේ රටට විශාල සේවාවක් කළ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට තම පක්‍ෂය තීරණය කර ඇති බව මෙහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට තම ව්‍යාපාර කඩා වැටී ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්වයට ව්‍යාපාරිකයින් පත්ව ඇති බැවින් මහින්ද රාජපක්‍ෂ මහතා ගේ නායකත්වයෙන් ඉදිරියේදී පත්වන රජයක් තුළින් ඔවුන් නගා සිටුවීම සඳහා ඔවුන් ලබාගත් ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය වසර හතර හමාර තුළ අප විසින් ආරම්භ කරන ලද  සියලු සංවර්ධන කටයුතු නැවතුනා. ණය ගැන කතාකරමින් අපට වඩා ණය ගත්තා. අපි ගත්ත ණය වලට කරපු දේවල් රට තුළ ගමන්කරන ඔබතුමන්ලාට දැකගන්න පුලුවන්. මේ ආණ්ඩුව ගත්ත ණය වලට සිදු වුණ දෙයක් නැහැ. අපේ කාලයේ සහල් වලින් බඩඉරිඟු වලින් සහ අර්තාපල් වලින් රට ස්වංපෝෂිත කිරීමට කටයුතු කළ බවද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ චන්දිම වීරක්කොඩි මහතාද එක්වූහ.

– MR midea

44,121 Viewers

13 Comments to “දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය ගෝටාභය දිනවන්න එක්වෙයි…”

  1. Chami says:

    How many people having in this party? 😂😂😂😂😂😂😂😂😂😂

  2. Modapala says:

    මොකාද අප්පේ මූ!

  3. Ruwan says:

    ලොක්කගේ මුනේ තියෙන upset ඓක පේනවා.
    චන්දිමය ජනතාවගේ හුවෙන් බේරෙන්න කරපු බොරු වැඩක්,

  4. Homapala says:

    Mewa niyama Gon Athal. .. ane munge Desha pramee. Koheda mun mechchara kal hitiye.

  5. Kamal says:

    Every vote counts. Better they vote for Gota than Sajith

  6. kamal says:

    එක්සත් ජාතික පාක්ෂිකයන් අමතන දියසෙන් කුමාරයා
    පුතේ උඹලට හොදට මතකද කපටි ව්‍යවස්ථාවක් මුදල් වියදම් කර එක්සත් ජාතික පක්ෂය ගෙනාපු බව. උඹලා හිතන්නෙ ඔවුන් අපිත් එක්ක හුරතල් වෙනවා කියාද. පුතේ මේ අහන්න මම කවුද කියා දන්නවද ඒ තමයි මනුස්‍යත්වය මගේ නමුත් මම දෙමලවත් සිංහලවත් නෙවෙයි බෞද්ධයෙක් නමුත් සිංහල මිනිස්සු ආරක්ෂා කර ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ඉදිරියේ මට නිහඩව ඉන්න බැ මොකද කෘර මිනිහෙක් ඉන්නවා කපටි මිනිහෙක් ඉන්නවා ඒ තමයි න්‍යාචාරය සුමන්තිරන් එයා 2008 ජනවාරි 6 වෙනිදා සජිත්ගෙ ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගැහුවා එකේ තියෙනවා කපටිකම් 26ක් තව 2018 ජනවාරි 2 තව ගිවිසුමක් ගැහුවා එකේ තියෙනවා කපටිකම් 21ක් අනිත් එක තමයි ඊයේ ගහපු ගිවිසුම එයි තියෙනවා කපටිකම් 13ක් නමුත් එකක් කියන්න තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් නෙවෙයි කවුද මේ සටන මෙහය වන්නෙ රනිල් නෙවෙයි කපටි සුමන්තිරන් හා කෘර චම්පික.රනිල් කියන්නෙ මට ප්‍රශ්නය විසදා ගන්න ඔනේ කියා එයට රටම නිජ භුමිය කරාම හරි

  7. Ranjan says:

    Me ayata kiyamu thamangema reesweemak pawathwa pennanna kiyala senaga balaganna.

  8. සිංහලයින් එකමුතු නොවන්නේ නම් රටත් ජාතියත් වලපල්ලට. යහපත් ප්‍රතිපත්ති ඇති සිංහල බොදු නායකයෙකු බලයට පැමිණිය හොත් පමණයි, සියළු ජාතීන්ගේ ආරක්ෂාව, ගවුරවය,අභිවෘද්ධිය රැකෙන්නේ. අන්‍ය ජාතික යහපත් අය සිටිය හැකියි. ඒත් මේ රටේ ඔවුන් ජන්දයකින් දිනන්නට ක්‍රම වේදයක් මෙතෙක් සකස් වී නැහැ.

  9. Gemunu says:

    මේක රවී කරුනානායකගෙ ගෝලයෙක්. හිටියෙ කොටිකාවත්තෙ. මිනිස්සුන්ට පොලු තියල මාරු උනා.

Main News