දේශබන්දුගේ දුරකතන දත්ත විශ්ලේෂණයේ.. 09දා ප‍්‍රහාරය වලකන්න එපා කියු අය හෙලිවෙයි…

June 1, 2022 at 10:40 am | lanka C news
දේශබන්දුගේ දුරකතන දත්ත විශ්ලේෂණයේ.. 09දා ප‍්‍රහාරය වලකන්න එපා කියු අය හෙලිවෙයි…

පසුගිය 09 වන දා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආශ‍්‍රිත ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිදුවීමට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

රහස් පොලිසිය විසින් ඔහුගේ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගෙන එම දත්ත ලබා ගෙන තිබේ.

ඒ අනුව සිද්ධිය වූ දින දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථන ලැබුණු ඇමතුම් සහ ඔහු ලබාගත් ඇමතුම් පිළිබඳ දත්ත මෙහිදී විශ්ලේෂණය කිරීමට නියමිතය.

අරගල කරුවන්ට පහර දීමට පැමිණෙන පිරිස් වළක්වන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග ලබාදී තිබියදී එම නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දුන් බව දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

මෙසේ දුරකථන දත්ත විශ්ලේෂණය කරන්නේ එම තොරතුරු සනාථ කරගැනීම සඳහාය.

97,578 views

5 Comments to “දේශබන්දුගේ දුරකතන දත්ත විශ්ලේෂණයේ.. 09දා ප‍්‍රහාරය වලකන්න එපා කියු අය හෙලිවෙයි…”

  1. මී හරකා says:

    වේලාසන වැඩි නැද්ද , තව ටික කාලයක් ඕක ඇදන් ගියානං තමා රහ .

  2. Polis Podda says:

    දේශබන්දු ජංගම දුරකථන දෙකක් පාවිච්චි කරනවා. දෙකේම විස්තර ගත්තොත් හොඳයි

  3. gamaya says:

    මහා බැංකු හොරා අල්ලා ගන්න බැරි අයට මේ වත් කතාද.

  4. Neethiye Dewangana says:

    Rajakariya/Neethiya nisi paridi kriyathmaka karanne nathiwa kade giyama/wahalkam Karaada illang kanna wenawa kiyanne mewata thamai.

  5. නඩුත් නාකිමයිනෙක්ගේ බඩුත් නාකිමයිනෙක්ගේ. පොහොට්ටුව උනත් වැරදි කරද්දි කියන්න ඕන ඕවා… බටනන්දෙලා මොනාද කරේ මේ හෙනගහනවා නන්දසේනයී

Main News