දේශිය කිරිපිටිත් මිල ඉහල දමයි…

October 15, 2021 at 12:40 pm | lanka C news
දේශිය කිරිපිටිත් මිල ඉහල දමයි…

දේශිය වෙලදපොලේ මෙතෙක් පැවති කිරිපිටි හිගය නිමා කරමින් කිරිපිටි ආනයනික මෙරට සමාගමක් විසින් (15) දින සිට වෙලදසැල් වලට නව මිලට කිරිපිටි නිකුත් කිරිම ආරම්භ කර ඇත.

කිරිපිටි කිලෝවක මිලක රු 1125, ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 480 ක් වැනි මිලකට (15) දින සිට නිකුත් කරන බව එම සමාගමේ නිලධාරියෙකු කියා සිටියේ.

එම කිරිපිටි සමාගම විසින් පසුගිය දින කිහිපය තුල වෙලදපොලට නිකුත් කල කිරිපිටි පැකට් ප්‍රමාණයට වඩා (15) දින සිට කිරිපිටි පැකට් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි එම නිලධාරියා කියා සිටියේ.

වෙලදසැල්වල කිරිපිටි අලෙවි කිරිමට නොතිබිම නිසා පසුගිය දින වල පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දේශිය කිරිපිටි සමාගමක්ද (15) දින සිට වෙලදපොලට නිකුත් කරනු ලබන ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 470 වැනි මිලකට අලෙවි කරන අතර , නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ පිහිටි කිරිපිටි අලෙවිසැලක නව මිලට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට විශාල පිරිසක් එම අලෙවිසැල ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

– හැටන් රංජිත් රාජපක්ෂ

27,144 views

3 Comments to “දේශිය කිරිපිටිත් මිල ඉහල දමයි…”

  1. ගොවියා says:

    ලංකාවේ සිටින හරක් සඳහා ආහාර වශයෙන් ඩොලර් ලබාදේ

  2. Gon Naamba says:

    Ethakota, thanakola, punnakku saha wathura genenne dollar deelada? Mung, janathaawa gana nemei, kala dutu kala wala ihaganna hadanawa. Ko, me loka welanda pole, badu ganan yanakota apita paalanaya karanna bahai kiyana ugath amathiwaru set eka?

  3. MD says:

    අවස්ථාවාදීන් ලෙස හැසිරෙමින් මෙවැනි අමානුෂික ලෙස අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහල නංවන සමාගම් වැටෙන්න ගත්තහම කාටවත් නවත්වන්න බැරිවෙයි.කනගාටුයි

Main News