දේශීය එතනෝල් ලීටරය රුපියල් 350යි.. විදේශවලින් ගෙන්වන්නේ ඇයි..

January 19, 2020 at 4:40 pm | lanka C news
දේශීය එතනෝල් ලීටරය රුපියල් 350යි.. විදේශවලින් ගෙන්වන්නේ ඇයි..

විවිධ අනපනත් හරහා මේ වටිනා සම්පත් විවිධ අනපනත් අරගෙන ඇවිල්ලා ඌණ උපයෝගීතා අනපනත් අරගෙන ඇවිල්ලා ඔබගෙන් ඉවත් කරල විවිධ පෞද්ගලික අංශයන්ට ලබා දෙන්නට කැස කවපු බව එහෙම බාරදීල කටයුතු කල බව ඔබලා දන්නා කාරණයක්.ඒව නැවත අරගෙන රජය හරහා ඔබලාට බාරදෙන්නට අපි කටයුතු කලා.එහි ප්‍රතිපලයක් හැටියට තමයි මේකෙටි කාලයක් ඇතුලත ලාබදායි ආයතන බවට පත්කරන්නට ඔබලාට හැකියාව ලැබුනේ. යයි  වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ 2020 නව ඇබරුම්වාරයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.සෙවනගල සීනි කම්හලේ නව ඇබරුම් වාරය 17 දා පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් ආරම්බ කරන ලදී.මේ අනුව දිනකට උක් ටොන් 1250 ක ප්‍රමාණයක් ඇබරීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය ජානක වක් කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත,ඌව පලාත් හටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුලු බොහෝ දෙනෙක් සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිසුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ,

ඉදිරි වසර 10ක කාලය ලංකාවේ සංවර්ධනයේ ඉතා තීරණාත්මක කාලයක්. ඔබලාට සිහිනයක් තියෙනවා අපිට සිහිනයක් තියෙනවා.ඒ සිහිනට තමයි අපි සංවර්ධිත රටක ජීවත්විය යුතුයි කියන සිහිනය අපි කාටත් තියෙනවා.

මහින්ද මහත්තයා අපේ රට මැදි ආධායම් ලබන රටක් බවට මේ රට පත්කලා.ඒ ගමන අතර මගදී නැවතුනා ඒ ගමන සංවර්ධිත රටක් බවට බොහොම පැහැදිලිව ගොඨාභය රාජපක්ෂ මැතිතුමා පත්කරනවාය කියන එක බොහොම පැහැදිලියි.බලන් ඉන්න අපි ඒ ගමන ආරම්බ කරලයි තියෙන්නේ.

අපි විශවාස කරනවා සෙවනගලට පැල්වත්තට ලාබාංශ බෙදල දෙන්න පුලුවන් වෙන කාලය වැඩි ඈතක නොවෙයි කියන එක. මේ කර්මාන්ත දියුණු කරන්න පුලුවන් කියන බවත් මේ වායි වැඩි ලාබයක් ගන්න පුලුවන් කියන එක අපිට හොදට පේන කාරණයක්‍.

මේ  රටට පිටරටින් එතනෝල් ආනයනය කරනව රුපියල් 1280ට  තමුන්නාන්සේලා නිෂ්පාදනය කරන ඒවා රුපියල් 350 ට ගන්නෙත් නැහැ.වහාම අපි ගෙන්නන එක නතර කලේ ගොවියා ආරක්ෂා කිරීමට උවමනා නිසයි. තමුන්නාන්සේලා සැපයුම දෙන තාක්කාල් ලංකාවට එතනෝල් ගෙන්වන්නේ නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනව.

දැන් තියෙන්නේ සීනි ඒකාධිකාරයක් අපි කියනව දෙන්න පුලුවන් උපරිම මහිලට සීනි ලබා දෙන්න කියල.මේ අපි ජාතික සම්පත් ආරක්ෂා කරගන්නට අවශ්‍යයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

මීට පෙර සෙවනගල සීනි කම්හලේ බදවා ගැනීම් කරල තියෙනවා. මේ බදවා ගැනීම් කල තනතුරේ නෙවෙයි ඇතැම් අය වැඩ කරන්නේ. ඔබ දන්නවා මේ ආයතනය රැකෙන්නේ අව්වේ මේ වැස්සට තෙමෙන උක් ගොවියා නිසා තමයි මේ ආයතනය රැකෙන්නේ. ඒ අහින්සක උක් ගොවියා ආරක්ෂා කරන්නට ඒ අයට අතට කීයක් හරි දෙනවා නම් අපි ඒ වැඩේටයි අත ගැසිය යුත්තේ. මේ ආයතනයේ ස්ථිර නොකල සේවකයින් ඔබ කිව්වා වගේ වසර පහට වැඩිය සේවය කල අය ගැන අපි බලනවා ඉදිරියේදී ඒ අයගේ ස්ථීර කිරීම පිළිබදව අපි සලකා බලනවා. යයි අමාත්‍ය වරයා කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

234 views

8 Comments to “දේශීය එතනෝල් ලීටරය රුපියල් 350යි.. විදේශවලින් ගෙන්වන්නේ ඇයි..”

  1. 😛😛😛😛😛🤗🤗🤗🤗 says:

    වසර හැත්තෑවක නිදහස ලබා ගෙන
    තාමත් ඉන්නේ පිටරටට දෑත්දී ගෙන
    දැන්වත් අපරට දේ සිරි සැපදේ ගෙන
    නංව මුලු රටම හිඟමනින් මුදා ගෙන

  2. Aurora says:

    UNP ආණ්ඩුව කවදත් කලේ දේශීය නිෂ්පාදන ආයතන කඩාවට්ටන ක්‍රමවේදයක්. ඔවුන්ගේ ප්‍රතිපත්තිය දේශීය නිෂ්පාදන විනාශකරලා ඒවා පිටරටින් ගෙන්නලා කොමිස් ගන්න එක. 1984 දී ලංකාවේ සීනි කිලෝවක නිෂ්පාදන වියදම රු. 10.25 යි. ඊට වඩා අඩුකරන්න විධියක් තිබුනේ නැහැ සේවක වැටුප් අඩු කරනවා ඇරෙන්න. ආණ්ඩුව ඒ කියන්නේ ආහාර දෙපාර්තමේන්තුව, සතොස සීනි මිලදී ගත්තේ රු. 10.00 ගණනේ. සංස්ථාව ආණ්ඩුවට කිව්වා සීනි කිලෝවක් රු. 10.50 ට ගන්න, එතකොට සීනි කිලෝවකින් සත 25 ක් (රු.0.25) ලාබ තියනවා සංස්ථාව කඩා නොවැටී පවත්වාගන්න පුළුවන්. නමුත් UNP ආණ්ඩුව කොමිස් ගහන්න සීනි රු. 10.00 ගානේ පිටරටින් ගෙනල්ල සංස්ථාව කඩා වැට්ටුව.

    • නොදකින් ගොං බයියා, ඔය කතාව කියන්න ඕන ජොනියටයි, මාතලේ ලක්ෂ්මන් වසන්තටයි. තොපිට ආණ්ඩුව ලැබිලත් ගඳට ප.යක් ගියත් වරද UNP එකේ.

    • ඇඹලයා says:

      මගෙ අම්මෝ මේ කොයි කාලෙ ලියුමක් ද ? රුපියල් දහය ට සීනි කෑවෙ ….. මතකත් නෑ

  3. Saradiel says:

    අපේ දේට තැන දීම සියලුදෙනාගේ පරම යුතු කමයි ජය ශ්‍රී

  4. kkuruwita says:

    අපි දුන් චන්දය ගැන අපට සතුටුයි. රටට ජයවේවා ! ස්‍රී ලංකා ජාතියට ජයවේවා !!

  5. 🙏🙏🙏🤗🤗🤗 says:

    ලක්‍ෂ 300 ප්ලාස්ටික් මුහුදට එකතු කර
    ගෙන්වා මාලු පිටරටින් දැලුත් හිල් කර
    දේශිය බෝතල් බෑග් අපි පාවිච්චි කර
    පොලිතින්-සිතින්-නිදහස් රටක් කර