දේශීය ඖෂධයක් නොව කාලි අම්මාගේ ඖෂධයක් කීමෙන් කෑගල්ලේ කොරෝනා ඖෂධයේ විශ්වාසය 100%ක් නැතිවෙලා..

December 17, 2020 at 10:29 pm | lanka C news
දේශීය ඖෂධයක් නොව කාලි අම්මාගේ ඖෂධයක් කීමෙන් කෑගල්ලේ කොරෝනා ඖෂධයේ විශ්වාසය 100%ක් නැතිවෙලා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සඳහා සොයාගත් බව කියන ඖෂධය ගැන විශාල විශ්වාසයක් තිබුණද දැන් එම විශ්වාසය 100%කින් ම බිඳ වැටී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඊයේ දිනයේ ජය ශ්‍රී මහා බෝධියේදී සිදුවූ සිදුවීම අනුව මෙම තත්වය ඇතිව තිබෙන බව ද උන්වහන්සේ කියා සිටියහ.

අදාළ ඖෂධය දේශීය දැනුම් මුල්කරගෙන සකස් කරන ලද්දක් යැයි මුලින් සිතුවද නමුත් එය කාලි අම්මාගේ බෙහෙතක් යයි කියූ ගමන්ම ඒ ගැන විස්වාසයක් නැති වූයේ යයිද උන්වහන්සේ පැවසූහ.

මේ රටේ කිසිම බුද්ධිමතෙකුට කාලි අම්මාගේ බෙහෙතක් පිළිගත නොහැකි බවද සෝභිත හිමියෝ කියා සිටියහ.

එතරම් දෙවිවරු සිටියේ නම් මේ රටට මෙතරම් විනාශයක් සිදුවුනේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමි වූ මෙම අදහස් පල කරන ලදී.

62,694 views

28 Comments to “දේශීය ඖෂධයක් නොව කාලි අම්මාගේ ඖෂධයක් කීමෙන් කෑගල්ලේ කොරෝනා ඖෂධයේ විශ්වාසය 100%ක් නැතිවෙලා..”

  1. GAMINI SENANAYAKE says:

    If it is to be localised Vedic medicine, it has to be produced a qualified ayurvedic doctor. This man is a Mason. Myth government sponsored myth drugs

  2. Boris says:

    This guy seems taking the govt. & its people to stone age era. Elaborating something that is non existent. Better promote & continue his original profession as a mason. That’ll be more decent & worthwhile

  3. Darshana abayakoon says:

    කොම්බුව ලකුන ජඩ මාධ්‍යෙන් ජනතාව මුලා කිරීම ස්දහා පුම්බපු තවත් කබ්බෙක්.
    1. කැලනියේ නයා
    2. මෙලො වැඩක් කර ගන්න බැරි වුන විරුවා.
    3. කාලි වැහිච්ච දම්මික කපුවා.

    ජන්තාවගේ සන්කි‍යාත යොදා ගනිමින් ජනතාව මුලා කරන මෙවන් ජඩ මාධ්‍ය වලින් රටට කරපු හානිය කියා නිම කල නොහැකියි.

    රටම ගොනාට අන්දවා එක පවුලක් සහ ගජ මිතුරු කැලක් රට වැසියාගේ අන්තිම රීරි මාන්සයත් උරා බොමින් සිටී.

  4. Harsha says:

    ධම්මිකගේ බෙහෙතෙන් සුවයක් තිබෙනවාද​? බෙහෙත ගත් අයට සුවවූ බවයි ආරංචි.

    ධම්මික කරන දෑ නොවෙයි වැදගත්, බෙහෙත වැඩ කරනවා නම් එයයි වැදගත්.

    • 77 UNP says:

      මෙතන තිය ප්‍රශ්නෙ තමයි මොකක් හෝ දේශීය ප්‍රතිකාර ක්‍රමයකින් කොරොනා රෝගින් සුව වුනොත් බටහිර දොස්-තරලා, බෙහෙත් කොම්පැණිකාරයින්ගෙන් යැපෙන්නන් දසදහස් ගාණකට කෙලවෙලා යනවා. මෙතන කොටන කුහක කුලී ලියන්නෝ අටෝ රාශියකට එදිනෙදා ගතමනාව නැතිවෙනවා. ඕව තමයි ප්‍රශ්න.

Main News