දේශීය වෛද්‍ය ක්‍රමයට දයාගෙන් අත්වැලක්…

April 6, 2017 at 2:05 am | lanka C news
දේශීය වෛද්‍ය ක්‍රමයට දයාගෙන් අත්වැලක්…

අභාවයට යමින් තිබෙන දේශීය වෛද්‍ය ක්‍රමය යළිත් නඟා සිටුවීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව ඇමති දයා ගමගේ කියා සිටී.

පසුගිය ඉරිදා බොරැල්ල ධර්ම ගවේෂී ධර්ම මධ්‍යස්ථානයේ පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා පැවසූයේ, දේශීය වෛද්‍යවරුන් ඇගැයීම ද ඒ යටතේ සිදු කරන බවයි.

අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද සහ ධර්ම ගවේෂී ධර්ම මධ්‍යස්ථානයේ අධිපති ආනන්ද නායක හිමිවරුන් ද එක් වූ එම අවස්ථාවේදී අනුරාධපුර සරත් සෝමසිරි ගුණවර්ධන සහ බුලංකුලම පී. වීරසිංහ යන වෙද මහත්වරුන්ට මෛත්‍රී භූෂණ වෛද්‍ය චක්‍රවර්ති ගෞරව සම්මානය පිරි නැමීම ඇමතිවරයා අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා කියා සිටියේ, කරවිල වැනි ඖෂධීය බෝග වගාවට ජනතාව නැඹුරු කරවමින් සෑම ගෙවත්තකම කුඩා ඔසු උයන් පිහිටුවීම සඳහා සැලසුම් කර තිබෙන බවයි.

– ජෝර්ජ් පෙරේරා

33 views
Main News