දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…

September 5, 2021 at 5:30 pm | lanka C news
දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…

ශ්‍රී ලංකාව දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ලද සේලයින් තොගයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPMC ලේබලය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.

ඉදිරියේදී රජයේ සියළු රෝහල්වල මෙම සේලයින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

සේලයින් ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ගිය අතර මෙමගින් එය ඉතිරි කර ගැනීමට හැකිවෙයි.

30,201 views

24 Comments to “දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…”

  1. Power says:

    හොඳ වැඩක්..මේවා ඉතින් අතරමඟ නතර නොකොට දිගටම පවත්වාගෙන යාම තමයි කාගේ කාගෙත් යුතුකම. නැත්තං ආණ්ඩුව පෙරලිච්ච හැටියේ මේවත් පෙරලිලා යන එකනේ අපේ රටේ වෙන්නෙ.

  2. චන්ද දායක says:

    වතුර හරි කමක් නෑ අපේනෙ.

  3. සවි අරික්කාල says:

    මේවා අපට මැජික් උනාට හැම රටක්ම තමුන් ගේ අවශ්‍ය සේලයින් නිෂ්පාදන කරගන්නවා. අවශ්‍ය අමුද්‍රව්‍ය නම්, ලුණු, බේකින් සෝඩා වතුර මයික්‍රෝ උදුනක් හා විද්‍යාත්මක දැනුම තත්ව පාලන ක්‍රමයෙන් සාදාගැනීමට අවශ්‍යයි .
    මේවා අපගේ උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන දරුවන් දන්නවා . මේවා දන්න පාසැල් යන දරුවන් ට මැජික් නෙවෙයි.

    • මෙච්චර කල් හැදුවෙ නෑනෙ? කුහක නොවී අගය කරන්න දැන්වත් හදන්න පටන් ගත්ත එක ගැන.. ජේ ආර් පුරුදු කළේ හැම ලූනු බිකම පිට රටින් ගේන්නනෙ..ඉතිං ඒකෙන් ගැලවෙන්න ලේසි නෑ..

  4. වාසල says:

    මේවා පවත්වන්නේ බූරු පුතානෝ වැනි ගස්බල්ලෙකු බලයට එනතුරු පමණි. මේ කර්මාන්ත ශාලා වල උපකරණ ඉවත් කර වී ගබඩා කරනු ඇති. ලන්කාව පුරා වෙහෙර විහාර වල නිදන් මංකොල්ල කන උන්ට මේවා කිරි කජු වැඩ.

  5. බූරු ජෙප්පා says:

    තත්ව පාලනය හරියටම නොකලොත් මේ සේලයින් තුවාල හෝදන්න විතරයි ගන්න වෙන්නේ.

  6. Fernando says:

    ඕක ආරම්භ කලේ රාජිත . ඒවගේමයි ටයර් ෆැක්ටරිය .

  7. Isuru says:

    What is this money-wasting business? Right now the biggest problem facing the country is Teachers’ salaries. Spend this money on not building factories to give requested increments to teachers instead.

Main News