දේහය ගෙදරටවත් නොගනී.. එලියේ තබා වලදමයි.. කිසිම ගෞරවයක් නෑ..

March 7, 2021 at 10:40 am | lanka C news
දේහය ගෙදරටවත් නොගනී.. එලියේ තබා වලදමයි.. කිසිම ගෞරවයක් නෑ..

කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය 06 දින රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.

බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි අධිකාරි 52 නැමති පුද්ගලයෙකි.

කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග මිය ගිය අය අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබේ.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි පොලිසීය සොයාගනු ලැබීය.

මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.

පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.

මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි‍ නිවසට වී සිටියේය

පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.

– lankadeepa

192,160 views

19 Comments to “දේහය ගෙදරටවත් නොගනී.. එලියේ තබා වලදමයි.. කිසිම ගෞරවයක් නෑ..”

  1. Padeniya says:

    “මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි‍ නිවසට වී සිටියේය”

    මේ මනුස්සයා වැරදි , නමුත් අසරන දරුවො හා පවුලෙ කට්ටිය මොනවා කරන්නද. එ අයව මරන්න හදන්නෙ ජඩ මාධ්‍යයි. පෞද්ගලිකව විනාශ කිරීමට එරෙහිව ගණිකා මාධ්‍යට විරුද්ද වෙන්න බැරිද?

  2. Chamara says:

    කුරුවිට කෙල්ලව මරූ මිනිහා එල්ලිලා මලා.
    ඒ මනුස්සයාගේ දරුවන් දැන් නොමරා මරනවා
    ……………ය.
    ද නිව්ස් පේපර් Film ඒක බැළුවනම් හිස්තැන පුරවන්න පුළුවන්.

  3. saman says:

    පවුලෙ කට්ටිය මොනවා කරන්නද. එ අයව මරන්න හදන්නෙ ජඩ මාධ්‍යයි.

  4. කැක්කුම says:

    අන්තරජාලයේ අසභ්‍ය වීඩියෝ තහනම් කිරීමට හෝ වාරණයක් කිරීමට පියවර ගන්ල්ලා නායකයිනි. මෙවැනි තවත් බොහෝ අපරාධ වැලකීමට එයෙ බොහෝ රුකුලක් වෙනවාමයි.

  5. senaka says:

    ඔකොටම ඉස්සෙල්ලා ශ්රී ලංකා පොලෝසිය පුනරුත්තාපනය කරලා ඉන්න ඕනේ. බහුතරයක් ඉන්නේ පොලිසියේ අභිමානය කෙලසන විනයක් නොමැති දුෂිත නිලධාරින්.

  6. gedara aya paw .....!! says:

    ගෙවල් දෙකේම මිනිස්සු ගැන ගොඩක් දුකයි දෙගොල්ලොම ගොඩක් පව්.

  7. මෝ says:

    ජීවත් වෙන අහිංසකයින්ව නොමරා මරන්න එපා.අර ගෑනිගෙ බෙල්ල කපපු එක සාදාරනයි කියල හිතෙනව.මේ මිනිහා සියලු වගකීම බාරගෙන පවුලට තිබුනු ලොකුම කොඩිවිනයත් කපාගෙන නික්ම ගියේය.

Main News