දෛනික ඔක්සිජන් අවශ්‍යතාව 07 ගුණයකින් වැඩි වෙයි.. රෝගීන් 936ක් ඔක්සිජන් මත…

August 29, 2021 at 4:40 pm | lanka C news
දෛනික ඔක්සිජන් අවශ්‍යතාව 07 ගුණයකින් වැඩි වෙයි.. රෝගීන් 936ක් ඔක්සිජන් මත…

මෙරට කොරෝනා ආසාදිතව සිටින අසාධ්‍ය රෝගීන් සදහා දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140 ක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සතියකට ඔක්සිජන් ටොන් 300ක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි එහි අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය ට පෙර මෙරට රෝගීන් සඳහා අවශ්‍ය වූ දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් 20ක් බවද ඔහු කියා සිටියේය.

මේ අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් 936 දෙනෙකු රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා සම්බන්ධීකාර වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේය.

14,947 views

14 Comments to “දෛනික ඔක්සිජන් අවශ්‍යතාව 07 ගුණයකින් වැඩි වෙයි.. රෝගීන් 936ක් ඔක්සිජන් මත…”

  1. SAMAN JAYARATNE says:

    We beg that to implement below ASAP at least from today to 6/09/2021..
    1.Investigate whether essential service delivery vehicles are truly doing their job and if noted any mishap punish them-responsibility-police/3 forces
    2.Imediatlyy implement max 30 of staff call/any time at work ,30% work from home or stay home,30% will be stand by as substitute if any noted covid infection among the working 30%.-responsibility-phi/moh/fcau/boi
    3.Only allow 1 person age 30-60 to do buy essential goods and without any children/>60 yrs age adults and the seller must fully adhere to health guidelines.
    4.Supermarket or any trading from shops to be stopped 100% ,if noted any mishap-punish-responsibility-CAA
    4.Stop 100% transfer in between provinces(applicable to all-at least for 7 days)-responsibility-3 forces

Main News