දොඩංගොඩදී පොලීසිය මහ පාරේ පෙරලාගෙන ගුටි ඇණ ඇත්තේ රිය අනතුරකින් තුවාල ලබා සිටි බාලවයස්කාරයෙකුට..

April 5, 2017 at 7:06 am | lanka C news
දොඩංගොඩදී පොලීසිය මහ පාරේ පෙරලාගෙන ගුටි ඇණ ඇත්තේ රිය අනතුරකින් තුවාල ලබා සිටි බාලවයස්කාරයෙකුට..

පසුගිය සෙනසුරාදා දොඩංගොඩ මන්සන්දියෙදි යතුරුපැදියක් ධාවනය කල බාලවයස් තරුණයෙක් පොලිස් නිලධාරීනගේ ප්‍රහාරයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් කල විශේෂ නිරීක්ෂණ ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇත.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

ගරු ජනාධිපතිතුමනී,

දොඩංගොඩ දී බාලවයස් තරුණයෙකුට පහරදීම නිරීක්ෂණ වර්තාව – වහා පියවර ගන්න

පසුගිය සෙනසුරාදා දොඩංගොඩ මන්සන්දියෙදි යතුරුපැදියක් ධාවනය කල බාලවයස් තරුණයෙක් පොලිස් නිලධාරීනගේ ප්‍රහාරයට ලක්වුණා. සිද්ධිය සම්බන්ධව අප සංගමය විශේෂ නිරීක්ෂණයක් ඊයේ සිදුකෙරූ අතර ඒ පිළිබඳව කරුණු පහතින් දැක්වේ.

  1. තරුණයා වයස 16 වූ පාසල් සිසුවෙකි. බාලවයස් තරුණයෙකුට පහර දීම හෙලාදැකිය යුතුය.
  2. තරුණයා දොඩංගොඩ ප්‍රදේශයේම පදිංචි කරුවෙකි. සිද්ධියට හේතුවී ඇත්තේ අවශ්‍යතාවක් සදහා කඩයකට යතුරුපැදියකින් යෑමයි. නමුත් ඊට පෙර පොලිසිය තරුණයාව නැවැත්වීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ පොලිසියට බියවුනු තරුණයා පොලිසියෙන් පලායෑමට උත්සාහ දරා ඇත.
  3. ආදාල දර්ශනවලට පෙර තරුණයා හා පොලිසිය අතර එම ස්ථානයෙදී කිසිදු සංවාදයක් ඇතිවී නොමැත. ඇසින් දුටුවන් පැවසුවේ “කොල්ලා ආවා. තීවිල් එක පිටිපස්සෙ වැදිලා වැටුනා. එයාට නැගිටින්නට වත් හම්බවුනේ නෑ. පොලිසිය ගැහුවා. අපි හිතුවා මංකොල්ල කාරයෙක් කියලා. ඔච්චර දෙයක් දන්නවා නම් අත තියන්න දෙන්නෙ නෑ. අපිත් ළමයි ඉන්න දෙමව්පියෝ.”. මෝටර් රථ පනතට අනුව, යම් පුද්ගලයෙක් අනතුර ලක්වූ විට පොලිසිය කළයුත්තේ පහර දීම නොව එම පුද්ගලයා රෝහල් ගත කිරීමයි. තවද, නීතිය අනුව පලායන තැනැත්තකු නැවැත්වීම පොලිසියට අවම බලය භාවිතා කල හැකිය. නමුත් අනතුරට පත් තරුණයා යතුරුපැදියට සිරවී සිටියදී, එවිට පහරදීම කිසිසේත් පිළිගත නොහැක. තරුණයා පැදවු යතුරුපැදිය අංක තහඩු නොමැති යතුරුපැදියක් නොවන බවද, අපි අවධාරණය කරමු.
  4. යතුරුපැදියට සිරවී සිටි තරුණයාට පහර දෙන අවස්ථාවේ පොලිසියේ නිලධාරින් විසින් ඔහුව එළියට ඇදීමක් සිදුකර ඇත. එහිදී තරුණයාගේ සිරවී තිබු පාදයට මැහුම් දැමිමට තරම් දැඩි ලෙස තුවාල සිදුවී ඇත. වේදනාවෙන් සිටි තරුණයා “ගහන්න එපා සර්” කියන විලාපයෙන් කෑගැසුවත් පොලිසියේ නිලධාරින් නොසලකා හැර ඇත.
  5. තම පාද දෙකෙහිම තුවාල හේතුවෙන් රුධිරය ගලමින් සිටි තරුණයාව පසුව පොලිසිය විසින් පයින්ම පොලිසියට ඇදගෙන ගොස් තිබේ.
  6. පසුව තරුණයාව රෝහල් ගතකෙරු විට ඔහු පොලිසියේ පහර කෑමට ලක්වූ බවක් පවසා නැත. මීට හේතුව පොලිසියෙන් තරුණයාට එල්ලවී ඇති තර්ජන බවට තරුණයා අපවෙත සදහන් කෙරිණි.
  7. රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරිමට තම දරුවා වැරැදි කරුවෙක් වුවත්. මෙලෙස පහරකෑම සාධාරණය නොවන බව තරුණයාගේ මව අපට සදහන් කලේය. මෙතනින් ඉදිරියට මෙය නොගෙන යන ලෙස පොලිසිය පවසා ඇති බවද ඇය අපට පැවසුවේ ය.
  8. තරුණයාට සම්බන්ධ විවිධ පුද්ගලයන් හා ප්‍රදේශයේ පුද්ගලයන් පවසන ආකාරයට මෙම ප්‍රශ්නය ඉදිරියට ගෙන ගියොත් චෝදනා 8 ක් යටතේ තරුණයාට නඩු පැවරෙන බවක් පොලිසිය පැවසූ බවත් ඒවා මොනවාද යන්න පොලිසිය පැහැදිලි නොකළ බවත් ඔවුන් සදහන් කලෙය.
  9. තරුණයා කඩකර ඇත්තේ මෝටර් රථ පනතේ වගන්ති ය. නමුත් පොලිස් නිලධාරින් මෝටර් රථ පනත පමණක් නොව රටෙ දන්ඩ නීති සංග්‍රහයෙ වගන්ති ද කඩ කර ඇති බව ඉතා පැහැදිලි ය. එම නිසා තරුණයාගේ වැරැදි නිසා පොලිසියේ වැරැදි යටගැසීමක් සිදුනොවිය යුතුය. බාලවයස් තරුණයෙක්ට මෙලෙස පහදීමට පොලිසියට කිසිදු අයිතියක් නොමැත.
  10. තරුණයාගේ ප්‍රකාශයට අනුව සිද්ධියට සම්බන්ධ නිලධාරින් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පොලිසිය ක්‍රියා කලද, රටෙ නීතිය අනුව පුද්ගලයෙක් රෝහල් ගතව සිටීනම් ආදාල පහරදීම සිදුකළ අය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ වගකීමකී. නමුත් එය මෙතෙක් සිදුවී නොමැත. ඒ තරුණයා රෝහලේ සිටින නිසා ඇප නැතිවීමට හැකි නිසා විය හැක. පොලිසියට එක නීතියක් මහජනතාවට තව නීතියක් ලෙස තිබෙන්නේ කෙසේද යන්න යහපාලන නියමුවන් වන ඔබ හා අගමැතිවරයා වහා පැහැදිලි කල යුතුය. රථවාහන වැරැදිවලට පොලිස් නිලධාරින් කීදෙනකුට දඩ හෝ නඩු පවරා ඇත්ද යන්න පොලිසිය වහා හෙලිදරව් කල යුතුය.

යතුරුපැදිකරුවන් මෙවැනි ප්‍රහාරයන්ට ලක්වූ පලමු අවස්ථාව මෙය නොවේ. මෙයට හේතුව යතුරුපැදිකරු යනු බොහෝවිට සමාජයේ අසරණම තැනැත්තන් නිසාය. තරුණයා වැරැද්දක් කර ඇත. එය නිවැරදි කිරීමට අප උත්සාහ දරන්නේ නැත. තරුණයාට නීතිමය සහය ලබාදීමට අප සංගමය හරහා නීතිඥවරුන් ඉදිරිපත්ව සිටින නමුත් මෙවැනි ප්‍රසිද්ධ සිද්ධියක් සම්බන්ධව ජාතික ළමාරක්ෂක අධිකාරිය හා මානව හිමිකම් කොමිසම තවම කිසිදු පියවරක් ගෙන නොමැත. රෝහලේ අසරණවී සිටින්නන් තමාවෙත එනකම් නොසිට ඔවුන් එම පුද්ගලයන් වෙත ගොස් පැමිණිලි ලබාගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකී. මේ පිළිබඳව එම අධිකාරියට හා එම කොමිසමට අපගේ දැඩි විරෝධය එල්ල කරමු.

මෙම සිද්ධිය යටගැසීමට කිසිම අවස්ථාවක අප සංගමය ඉඩ ලබා නොදෙන අතර, ආදාල පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතුය. මේ කාරනාව සදහා ගරු ඔබ ඇතුලු, මහෙස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන්, මාධ්‍ය සහා සමස්ත ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද, අද ගොදුර මෙම තරුණයා වුවත්, හෙට දිනයෙදී එය තවත් දරුවෙක්, තවත් පුද්ගලයෙක් විය හැකි නිසාය. මෙවන් තත්වයක් තුල පොලිසියේ නිලධාරින්ට එරෙහිව දඩ ගැසීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන පොලිසියක් පිහිටුවීම සුදුසු බව අපි යෝජනා කරමු.

පොලිස් නිලධාරින් සතු ආධිපත්‍ය වහා ඉවත් කිරීමට හා මාර්ග විනය ආරක්ෂා කිරීම සඳහා වැරැද්දක් වෙනුවට වෙන වැරැද්දක් ලියා දඩ කොළ නිකුත් කිරීමේ ක්‍රමවේදය පස් පුද්ගල මඩුල්ලක් හරහා පමණක් සිදුකිරීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමූ.

මෙයට,
චිරන්ත අමරසිංහ.
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

63 views

10 Comments to “දොඩංගොඩදී පොලීසිය මහ පාරේ පෙරලාගෙන ගුටි ඇණ ඇත්තේ රිය අනතුරකින් තුවාල ලබා සිටි බාලවයස්කාරයෙකුට..”

  1. Boo says:

    ඔය දැන් කාලේ ඉන්න පොලිස් චන්ඩි බොහොමයක්, කොටින්ගේ යුද්දේ කාලේ ඇඳන් යට හැංගිලා ඉන්න ගමන් සරමේ චු ගිය කට්ටිය. අහිංසකයෙක්, අසරණයෙක් දැක්ක ගමන් සිංහයෝ , දෙශ්පාලුවෙක්ගෙන් කෝල් එකක් ආව ගමන් හොරි හැදුනු බල්ලෝ වගේ නිවටයි, කොටි එනකොට රෙද්දේ මල මුත්‍ර යවාගෙන ඇඳන් යට. ඔන්න අපිට ඉන්න චන්ඩි!

  2. buddhi says:

    චිරන්ත අමරසිංහට
    ලංකාවේ නීතිය නැවෙන බව දන්නේ නැද්ද? බලය ඇති එකාට එක විදිහට..බලය නැති එකාට එක විදිහට..පචයට කිව්වනන් හරි…

  3. Manel says:

    Well said Chirantha. Police must not abuse police powers. Two policemen must be arrested and action need to be taken immediately. Khaki uniform is not a permit to abuse police powers.

  4. යම. says:

    ඔය පොලීසියෙ ඉන්න ගොඩක් දෙනෙක් කොස්තාපල් කෙනෙක් නොවුණනම් ගස්ගෙඩි කඩන,බදාම අණන,කුලී වෑඩකරණ කම්කරුවො.හොදටම දන්නව පොලිස්කාරයන්ගෙ අම්මට කියල තමා බොහෝ දෙනෙක් කට අරින්නෙ,ඒ වගේම යුද්ධකාලෙ කොටි ගහනකොට අපි පොප් පොප් පොලිසියෙන් කියල යුධ හමුදාව ඉන්න පෑත්තට දුවපු එව්න්.අවසාන වශයෙන් මම කියන්නෙ මේ ප්‍රවෘත්තිය කියවන හෑමෝම ඔය පොලිස්කාරයො දෙන්න කුඩුවෙලා යන්න කියල ප්‍රාර්තනා කරන්න,ආ තව දෙයක් අපේ ගමේ අය්ය කෙනෙකුට සී.ටී.බී. රියදුරු ලෑබුණ එයා කොළබ එද්දි පුරුද්දක් විදියට පොලිස් කාරයො දෙන්නෙක් හෑමදාම ලියනව ඉවසුව නවතින පාටක් නෑහෑ,අන්තිම දවසෙ මෝටර් සයිකලය සමග දෙන්නම බස් එකට අබරල දෑම්ම.ඒත් මිනිස්සු මරන්න එපා.

  5. pri says:

    apith oba samagai… policiyata weradi karanna denna ba..

  6. Jee says:

    Yako gahanna neme kakulak kadanna thibbe.
    Meka kadeta giya kiyala kiyanne danne bola.
    Policiya danne kohomada mu mona amana wadak karala nawaththanne nathuwa yanawada kiyala.
    Nawaththanne naththam wedi thiyanna policiyata aithiyak thiyenawa.
    Me police denna wedi nothiya gahapu ekada warada..
    Wedithiyanna thibbe olu katta kudu wenna ..
    Bike walin yana kota nithi garuka widihata yanna one..
    Podi eka una kiyala hariyanne …
    Waradi karayata gahannama one..
    Oya kolla ohoma gihin pare yana ahinsaka manussayek happala marala dammanam athak payak kaduwa nam kawda waga kiyanne.
    Meke uda burana un mokada kiyanne …

  7. Jee says:

    Police karayo dennata budu saranai…
    Meke inna eka parayekuta wath therenne na police naththam me kala kanni pare yanne kohomada kiyala..
    Niyamaii ojoma thama police inna one…

  8. Jeewana says:

    Waradi tika therenne naththama liya gannawa..
    1 balawayaskarayek motor bicycle padima pradana paraka
    2.walangu riyaduru balapathrayak nathi weema.
    3marga neethi kada kirima.
    4police ana nothaka dawanaya.
    5thawath ratha wahanayak anathurakata lak kirima
    6 anathurak walakwa ganimata uthsaha nokireema.
    7 bike eke licen na..
    8. Insurence na.
    8 .pathi lampuwak na.
    9.thiringa na..
    Thawa oneda

  9. anomous says:

    poliskarayo kiyana ewnta winayak kiyana namayak na.ownta mokak hari aparadayak allanna giyot wedi kaala ballo wage marenawa.own danne me wage aninsakayonta gahanna withari ..maha loku chandi

  10. අනිල් ..R... says:

    පොලිසිය ගහපු එක වැරදියි, නමුත් නවත්වන්න කිවුවම නවත්වන එක හැම කෙනෙක්ම ඉගෙනගත යුතුයි.. පොලිසිය දන්නෙ කොහොමද අපරාධකරයෙක්ද පැනල යන්නෙ අහිංසක දරුවෙක්ද කියල?

Main News